මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් ත්‍යාගයක්

    මැයි 06, 2024

    ආසියානු රග්බි I කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා ජාතික රග්බි පිලේ දස්කම් ඇගැයීමට ලක් කරමින් ඇමරිකානු ඩොලර් 30,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


    කසකස්තානය පරදවමින් ආසියානු රග්බි i කොටසේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ඉකුත්දා සමත්විය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුගමනය කරන අඛණ්ඩ ප්‍රතිපත්තියට අනුකූලව මෙම විශිෂ්ඨ ජයග්‍රහණය ලබා ගැනීමට සම්බන්ධ වූ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සහ විධායක කමිටුව විසින් තීරණය ඇත.

    මෙම ජයග්‍රහණයලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතිශයින්ම සතුටට පත් වන්නේ එය ජාතික රග්බි කණ්ඩායම ආසියානු රග්බි කවයේ ඉහළ ස්ථානයකට ගමන් කරනවා මෙන්ම එය මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රෙය් සුබදායී ලකුණක් ලෙසින් සලකුණු වන නිසාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya