මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන වැඩි ම වියදම සීනි ආනයනයට

    නොවැම්බර් 11, 2014
    ඉන්ධනවලින් අනතුරු ව රජය වැඩි ම විදයමක් දරනු ලබන්නේ සීනි ආනයනය කිරීමට බවත් එය මිලියන 6500ක් බවත් සීනි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    පෞද්ගලික අංශ වෙත විකුණා තිබූ සීනි නිෂ්පාදන කර්මාන්ත නැවත රජය වෙත පවරාගැනීමේ දී සීනි නිෂ්පාදන කටයුතු සිදු කරනු ලැබුවේ 2%ක් 3%ක් වැනි සුළු ප්‍රමාණයක් බවත් එම ප්‍රමාණය මේ වන විට 10% දක්වා වැඩි කොට ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා තවත් වසර කිහිපයක් ඇතුළත නිෂ්පාදන ප්‍රතිශතය 50%ක් දක්වා වැඩිකර ගැනීමට මෙන් ම 2020 වන විට සීනිවලින් ස්වයංපෝෂිත තත්ත්වයකට පැමිණීමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.
     
    තව නොබෝ දිනකින් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කෙරේ. ඒ හරහා 1500කට ස්ථීර රැකියා හිමිවන අතර 7000කට සෙත සැලසෙන අතරම වක්‍ර රැකියා අවස්ථා දහස් ගණනක් නිර්මාණය වේ.
     
    මෙවර අය-වැය හරහා සීනි කර්මාන්ත අමාත්‍යංශය වෙත රුපියල් මිලියන 5000ක් වෙන් කොට තිබෙනවා. මීට පෙර වසරවලදී මේ තරම් විශාල මුදලක් වෙන්කරනු ලබන්නේ අවිආයුධ මිලදී ගැනීමට පමණයි.  සෑම ජන කොට්ඨාසයකට ම සහන දෙමින් මෙවර අය-වැය ඉදිරිපත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කටයුතු කොට තිබෙනවා. 
     
    ලෝකයේ රටවල් 88ක සහභාගිත්වයෙන් එළැඹෙන වසරේ දී ප්‍රථම වරට ලෝක සීනි සංවිධානය විසින් සමුළුවක් පැවැත්වීමට ඔවුන් එකඟවී ඇතැයි ප්‍රකාශ කළ අමාත්‍ය සෙනවිරත්න මහතා අවුරුදු 03ක් වැනි කෙටි කාලයක් තුළ තම අමාත්‍යංශය ඉතා දිගු ගමනක් පැමිණ තිබෙන බවද ප්‍රකාශ කළේය.
     
    පවතින උක් අස්වැන්න 20%කින් පමණ වැඩිකරගත හැකි නව තාක්ෂණික ක්‍රමවේදයන් ගොවි ජනතාව වෙත හඳුන්වාදීමට මෙන් ම නව උක් ප්‍රභේදයන් හඳුන්වාදීමට ඉදිරියේ දී කටයුතු කරනු ලැබේ. උක් කර්මාන්ත ශාලාවන් තුළ සීනි සහ මද්‍යසාර හැරුණු විට විදුලි බලය නිෂ්පාදනය ද සිදු කෙරේ. කර්මාන්ත ශාලාවක කටයුතුවලින්  90%ක් පමණ සිදුකරනු ලබන්නේ කර්මාන්ත ශාලාව තුළ ම නිෂ්පාදන කරගන්නා විදුලිය හරහා වන අතර ඉදිරියේ දී නිපදවනු ලබන විදුලිබල ජාතික පද්ධතිය වෙත නිකුත් කිරීමට ද බලාපොරොත්තු වේ.
     
    උක් කර්මාන්ත ශාලාවකින් ආදායම් ලබාගත හැකි ක්‍රමයන් 40ක් පවතින බවත් තවමත් අප භාවිත කරනු ලබන්නේ ක්‍රම දෙක තුනක් පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya