මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජනීය ස්ථානවල ඉඩම් රජයට පවරා ගැනීමට තීරණයක් නැහැ

    අගෝස්තු 21, 2014
    පූජනීය ස්ථානවල කෙරෙන සංවර්ධන කටයුතුවල දී ඉඩම් රජ‍යට පවරාගැනීමේ කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය. 


    විශේෂයෙන්ම විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන්වල දී මෙවැනි ගැටලු මතුවන බවට ඇතැම් පාර්ශව ප්‍රශ්න නැඟුවත් එහි කිසිදු සත්‍යයක් නැති බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. 

     

    මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී පළාත් සභා මන්ත්‍රීවරයෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කළේය. 

     

    ආගමික ස්ථානවල සංවර්ධන කටයුතු සඳහා රජය මඟින් වාර්ෂිකව විශාල මුදලක් වෙන් කරන බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා පන්සල්වල සංවර්ධන කටයුතු සඳහා බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් සැලකිය යුතු වැඩසටහන් රැසක් දියත් කර ඇති බව ද පෙන්වා දුන්නේය. ඊට අමතරව රජයේ විවිධ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු මඟින්ද පන්සල් ඇතුළු ආගමික ස්ථාන සංවර්ධනය සඳහා වාර්ෂිකව සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් යොදවන බවද ඔහු පැවසීය.

     

    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වැඩි අවධනායක් යොමු කරන්නේ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට පත් කිරීමට බැවින් ඒවා වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදා ගත නොහැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී. සංවර්ධන සැලසුම් දියත් කිරීමේදී මුදල් වෙන් කළ හැකි නිර්නායක සහ සීමාවන් ගැන මහජන නියෝජිතයන් ඇතුළු රජයේ නිලධාරීන් හොඳින් දැනුවත්ව සිටින්නේ නම් සංවර්ධන වැඩසටහන් වඩාත් කාර්යක්ෂමව ඉටු කළ හැකි බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ දිස්ත්‍රික්කයේ වගකිව යුතු රජයේ නිලධාරීහු රැසක්ද මේ සඳහා සහභාගී වූහ.

     

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya