මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරගම්මන ගොවිජන සේවා බල ප්‍රදේශයේ සුළු වාරිකර්මාන්ත 08ක් සඳහා මුල්ගල තැබේ

    අගෝස්තු 21, 2014
    2014 අයවැය යෝජනාවක් අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත කෑගල්ල ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පරගම්මන ගොවිජන සේවා බල ප්‍රදේශයේ සුළු වාරිකර්මාන්ත 08ක් සඳහා මුල්ගල තැබීම පසුගිය දා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. 

     මෙහි දී මෙම සුළු වාරිමාර්ග ව්‍යාපෘතීන් සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 06කි. මෙමගින් පුරන් කුඹුරු අක්කර 26ක් අලුතෙන් අස්වද්දයි. එමෙන්ම දේශීය පාරම්පරික වී ප්‍රභේද මෙම පුරන් කුඹුරුවල වගා කිරීමට නියමිතය. මෙම සුළු වාරිකර්මාන්ත මසක් ඇතුළත වැඩ අවසන් කර ගොවි ජනතාව වෙත භාරදීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.පී. ජයතිලක, වාරිමාර්ග ප්‍රධාන ඉංජිනේරු ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් එක් වූහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya