මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවෙන් නියං සහනාධාර

    අගෝස්තු 19, 2014
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දැඩි නියඟයෙන් පීඩාවට පත් වැලිකන්ද හා මැදිරිගිරිය ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙන් සහනාධාර ලබාදීමට මහජන බැංකුව පසුගියදා පියවර ගත්තේය.

     සහෝදරත්වයේ සත්කාරය ලෙස නම් කර ඇති මෙම වැඩසටහන තුළින් මෙම ප්‍රදේශයේ පවුල් 2000ක් සඳහා අත්‍යවශ්‍ය ආහාර හා පානීය ජල ටැංකි පිරිනැමිණ.
     

    මහජන බැංකුවේ සභාපති ගාමිණී සේදර සෙනරත් මහතාගේ සංකල්පයක් මත සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් යන මහත්වරු ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරීත්වය, වෘත්තීය සමිති නියෝජිතයින්, ස්වේච්ඡා සමිති නායකයින්, බැංකු කාර්යමණ්ඩලයේ විශාල පිරිසක්ද සහභාගී වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya