මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකාර්මික සංවර්ධන කමිටු රැස්වීමක් මඩකළපුවේ දී

    අගෝස්තු 18, 2014

    කෘෂිකාර්මික සංවර්ධන කමිටු රැස්වීමක් අද (18) උදෑසන මඩකළපු දිස්ත්‍රික් ලේකම් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මඩකළපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.



    මඩකළපු සහකාර දිස්ත්‍රික් ලේකම් එස්. ගිරිධරන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක පී. උදයන්, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂක ආර්. නෙඩුන්චෙලියෙන්, දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරී එස්. නෙසරාජා, දිස්ත්‍රික් වාරිමාර්ග හා ජලසම්පාදන අධ්‍යක්ෂක ඉංජිනේරු එස්. මොහාන්රාජ් යන මහත්වරු මීට එක් වූහ.


    යල මහ කෘෂි කන්න පිළිබඳ, ‍ගොවීන්ගේ අපහසුතා හා ගැටලු, ගොවි ජීවන තත්ත්වය නඟාසිටුවීම පිළිබඳ, වාරිමාර්ග පද්ධති, අස්වනු මිලට ගැනීම හා පොහොර සහනාධාර ලබා දීම පිළිබඳ මූලිකව ම මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරිණ.

     

    මඩකළපුවේ සෑම ප්‍රදේශයකම යල කන්නයේදී වගාව ආරම්භ කිරීමටද මෙහිදී සැලසුම් කරන ලදී.

     

    ගොවීන් දැනුවත් කිරීමට හා මෙම සාකච්ඡාවෙන් ලද සැලසුම්, විසඳුම් දැනුම් දීම සඳහා පහත දැක්වෙන දිනයන්හිදී එම ප්‍රදේශවල මෙම රැස්වීම ප්‍රාදේශීයව සිදු කිරීමට මෙම කමිටුව අපේක්ෂා කෙරේ.

     

    බටහිර මන්මුනෙයි ප්‍රදේශයේ ගොවීන් සඳහා අගෝස්තු 25 වවුනතීවූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ද, එරාවුර් ගොවීන් සඳහා අගෝස්තු 26 චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ද, අගෝස්තු 26 කෝරලේපත්තුව, පූනානි, තරාවයි ගොවීන් සඳහා කිරාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීද මෙම රැස්වීම් සංවිධානය කර ඇත.


    පෝරතිවුපත්තු, නවගිරි, තුම්පන්කේනි ගොවීන් සඳහා අගෝස්තු 29 පෝරතිවු පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීද එදිනම මන්මුනේ නිරිත ගොවීන් සඳහා කොක්කඩිචෝලේ සංස්කෘතික ශාලාවේදීද මෙම රැස්වීම් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya