මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ආධාර සහිත ගිලන් රථ සේවාව 28දා ඇරඹේ

    ජූලි 27, 2016
    ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය ඒකාබද්ධව ආරම්භ කරනු ලබන හදිසි ගිලන් රථ සේවාව 28දා කොළඹ ගෝල්ෆේස් හෝටලය අසලින් ආරම්භ කිරීමට නියමිතය.
     
    මේ සේවාව  ලබාගැනීම සඳහා ‘1990’ කෙටි දුරකතන අංකය ගාස්තු රහිත ඇමතුම් අංකයක් ලෙස ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනු ඇත.
     
    ඒ අනුව ප්‍රථම අවස්ථාවේ දී ජුලි 29දා සිට දකුණු පළාතේ ගාල්ල, හම්බන්තොට හා මාතර දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් මෙම සේවාව ආරම්භ කරන අතර දෙවැනි අදියර යටතේ ලබන අගෝස්තු මාසයේ සිට බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වලට දීර්ඝ කරනු ලැබේ.
     
    මෙම සේවාව ආරම්භ වීමත් සමඟ හදිසි අනතුරුකදී මෙන් ම, හදිසි අවස්ථාවකදී සහන ගිලන් රථ සේවාව නොමිලේ ලබාගත හැකිය. මෙම සේවාව සඳහා වෘත්තීය සේවාවන් ලබාගනු ලබන්නේ ශ්‍රී ලංකාවෙනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya