මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක "හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා" දිනය සැමරුම් වැඩසටහනක්

    ජූලි 27, 2016
    අද (27)ට යෙදෙන ලෝක "හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා" දිනය නිමිත්තෙන් අගෝස්තු 08දා ත්‍රීරෝද රථ පෙරහරක් සමගින් පා ගමනක් පැවැත්වෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය දැනුම්වත් කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.
     
    මෙම රථ පෙරහර හා පා ගමන කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසලින් ආරම්භ වන අතර එදින සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය හා ඔවුන් වෙනුවෙන් සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරේ.
     
    ලෝක "හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා" දිනය ශ්‍රී ලංකාවේ සමරනු ලබන්නේ පළමු වරට වන අතර මෙම දිනය මේ වන විට රටවල් 54ක සමරනු ලබයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya