අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජර්මානු රජයෙන් යුරෝ මිලියන 13ක ප්‍රදාන

    ජූලි 26, 2016
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙබරවාරි මස සිදු කළ ජර්මානු සංචාරයේ දී එරට රජය සමග ඇති කර ගත් එකඟතාවන්ට අනුව ව්‍යාපෘති පහක් ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 13ක ප්‍රදාන ලබාදීමට අදාළ ගිවිසුම්  මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (25)  අත්සන් තැබිණි. 
     
    මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා හා ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මොහාර්ඩ් මහතා දෙරට වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබීය.
     
    විල්පත්තු ජාතික උද්‍යානය සහ ස්වාරක්ෂිත කලාප (BufferZone) කළමනාකරණ ව්‍යාපෘතිය,  උතුරු හා නැගෙනහිර පළාත් තුළ වෘත්තීය පුහුණු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘති සහ  සමාජ ඒකාබද්ධතාවය, පරිවර්තනය පහසුකරණය සඳහා වන ව්‍යාපෘති සඳහා මෙම ප්‍රදාන ලබා දී තිබේ.
     
    මේ අතර ජර්මන් රජයේ යුරෝ මිලියනයක මූල්‍ය ප්‍රතිපාදන මත “ශ්‍රී ලංකාවේ තත්ත්ව යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය”මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
     
    ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලබන ප්‍රයත්නයන්ට විවිධාකාරයේ මැදිහත් වීම් මගින් තාක්ෂණික සහ ප්‍රදාන ආධාර සහයෝගීතාවයන් ලබාදෙමින් ජර්මානු රජය අනුග්‍රහය දක්වමින් සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya