අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර අඩු ආදායම්ලාභී පවුල්වලට සිමෙන්ති ලබා දෙයි

    ජූලි 25, 2016

    අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාසාධාර ලබාදීමේ වැඩසටහන යටතේ සිමෙන්ති ආධාර බෙදාදීමේ වැඩසටහනක් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 112ක් සඳහා සිමෙන්ති කොට්ට 10 බැගින් ලබා දීම මෙහිදී සිදු වූ අතර ඒ අනුව සිමෙන්ති කොට්ට 1120 ක් බෙදා දීමට සිදු විය.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

    මේ අවස්ථාව සඳහා මාතර ප්‍රාදේශීය ලේකම් රංජිත් යාපා මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කළමනාකරු අජන්ත ද සිල්වා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභීන් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya