මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතරින් අනවසර ගිණි අවි 25 ක්

    මැයි 31, 2016

    අනවසර ගිණි අවි රජයට බාර දීම සඳහා අප්‍රේල් 25 වැනි දා සිට මැයි 6 වැනි දා දක්වා ලබා දී තිබුණු පොදු සමා කාලසීමාව තුළ මාතර දිස්ත්‍රික්කයෙන් අනවසර ගිණි අවි 25 ක් මේ වන විට බාර දී තිබෙන බව මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිණි අවි 07 ක්, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිණි අවි 05 ක්, වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිණි අවි 03 ක්, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිණි අවි 03 ක්, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිණි අවි 02 ක්, වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිණි අවි 01 ක්, තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිණි අවි 01 ක්, දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිණි අවි 01 ක්, මාතර පොලිස් ස්ථානයට 01 ක් හා කඹුරුපිටිය පොලිස් ස්ථානයට 01 ක් වශයෙන් ගිණි අවි භාර දී තිබේ.

     

    අදාළ පොදු සමා කාලය තුළ අනවසර ගිණි අවි බාර දුන් කිසිවෙකුට නීති මගින් ක්‍රියා කරනු නොලැබෙන අතර නැවත පොදු සමා කාලයක් ඊයේ (30)  සිට ලබන 17 දක්වා දීර්ඝ කිරීමට ද ආරක්ෂක අමාත්‍යංශය මේ වන විට කටයුතු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya