අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ

    මැයි 30, 2016
    ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් අද (30) දින පෙ.ව 9 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.
    2016 වර්ෂයේ මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1,645ක් සඳහා මිලියන 190ක පමණ මුදල් වෙන්වී ඇති බව දිස්ත්‍රික් සැලසුම් ඒකකය සඳහන් කර සිටී. 
     
    එමෙන්ම නීතිය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය විසින් ගාල්ල දිස්ත්‍රික් සංවර්ධනය සඳහා මිලියන 150ක මුදලක් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන් කොට ඇති බවද එම අමාත්‍යාංශයේ සැලසුම් අංශය සඳහන් කර සිටියේ ය. එම මුදලින් 30% මුදලක් සමාජ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කිරීමට නියමිතය.
     
    සංවර්ධන කමිටුවේ සමසභාපතිවරුන් වන ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ පාර්ලිමේන්තු  මන්ත්‍රී විජේපාල හෙට්ටි ආරච්චි යන මහත්වරුන් ඇතුළුව මහජන නියෝජිතයින් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටිය හ.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya