මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙණියාය පිටබැද්දරට උදාගම්මානයක්

    මැයි 31, 2016

    දෙණියාය ආසනයේ පිටබැද්දර තැන්නහේන ප්‍රදේශයේ උදාගම්මාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.

    එම උදාගම්මාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (30) දින පැවත්වුණි.

     

    මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කරන ලෙස අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

     

    එම අවස්ථාවට නිවාස සහ ඉදිකිරීම් කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමිය ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරීන්ද ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු යෝජිත වැඩසටහනට අදාළ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක්ද  මෙම ගම්මානය ඉදිකිරීමට යෝජිත පිටබැද්දර ප්‍රදේශයේ ප්‍රාදේශීය ජනතා නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූහ.   

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya