මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ කීට විද්‍යා සමීක්ෂණයක්

    ජූලි 05, 2015

    ඉදිරියේදී සිදුකිරීමට නියමිත කීට විද්‍යා සමීක්ෂණයක් පිළිබඳව පසුගියදා (03) රැස් වූ ගාල්ල දිස්ත්‍රික් ඩෙංගු කමිටුවේ දී ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැන්වත් කරන ලදී.

     

    ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර හේවා විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ගාල්ල දිස්ත්‍රික් ඩෙංගු කමිටුව සඳහා ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සංගාරච්චි මහතා සහ වැඩබලන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මානෙල් දේවසිරි මහතා ද සහභාගී වී සිටියහ.

     

    2014 වර්ෂයට සාපේක්ෂව මේ වසර වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම අවම වී ඇති බවත් එම තත්වයය සතුටුදායක බවත් වෛද්‍ය වෙනුර සිංගාරච්ච් මහතා එහිදී සඳහන් කර සිටියේය. එහෙත් මැයි, ජුනි සහ ජූලි මාස තුළදී මේ සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    එමෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය කොට්ඨාස මට්ටමින් ඒ ඒ ඩෙංගු රෝගීන්ගේ ප්‍රවණතාවය ගැන සඳහන් කරන්නට වූ අතර බොහෝ ප්‍රාදේශීය සෞඛ්‍ය කොට්ඨාස සාර්ථකව ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට වූ බවත් පෙන්වා දුන්නේය.

     

    සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සියලුදෙනා මේ සඳහා සහභාගී වී සිටිය හ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya