මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ වසරේදී සැමට විදුලිය

    ජූලි 05, 2015

    මේ වසරේ  සෑම ගමකටම විදුලිය ලබාදීමට කටයුතු කරන බවත් ලංකාව පුරා මේ වන විට විදුලිය නොමැති පවුල්  ලක්ෂයක් පමණ සිටින බවත් එම පවුල් සියල්ලට මේ වසරේ ඔක්තොම්බර් වන විට විදුලිය ලබාදීමට රජය කටයුතු කරන බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයායේ  ශ්‍රවනාගාරයේදී පසුගියදා පැවති මධ්‍යම පළාතේ බලශක්ති සංරක්ෂණය සඳහා වූ පස් අවුරුදු සැලැස්ම එළි දැක්වීමේ උත්සවයේ දී ප්‍රකාශ කෙරිණි.

     

    යුරෝපීය සම්මත ප්‍රමිතියට අනුව ඛනිජතෙල් සපයන දකුණු ආසියාවේ එකම රට ශ්‍රි ලංකාව බවත් මේ වසරේ ඔක්තොම්බර් මාසය වන විට  ඛණිජ තෙල් සඳහා සියළු දෙනාටම පහසුවෙන් දැනගත හැකි  විනිවිද භාවයෙන් යුත් මිල සුත්‍රයක් හදුන්වා දීමටද රජය කටයුතු කරන බවත් ඊට එක් වූ පාඨලී චම්පික අමාත්‍යවරයා පැවසීය.  

     

    “රටක ආර්ථික සංවර්ධනයත් සමග බලශක්ති පරිභෝජනය ඉහළ යනවා. ඒ නිසා බල ශක්ති සංරක්ෂණ වැඩ පිළිවෙලක් අවශ්‍ය වෙනවා. ලංකාවේ විදුලිය ඇති පවුල් ලක්ෂ  55කින්, එක් නිවසක එක් විදුලි බල්බයක් නිවා දැමුවහොත් එක් විදුලි බලාගාරයක් වසා දමන්න පුළුවන්.  පසුගිය කාලයේ පුද්ගලික අංශයේ බලාගාරවලින් විදුලිය ගන්න එක නැවැත්තුවා. මේ නිසා  විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව රුපියල් මිලියන 3,600ක් ඉතිරි කරගන්න හැකියාව ලැබුණා. මීළගට අපේ අරමුණ  බලශක්තිවලින් ස්වයං පෝෂිත වීම. පසුගිය කාලයේ මන්නාරම් ද්‍රෝනියේ තෙල් ලිං කැණම් කළා.  එම ලිං වලින් තුනකම  ගෑස් හමුවුණා. 2018 වන විට අපිට එම ගෑස් පරිභෝජනයට ගන්න පුළුවන්, 2025 වන විට ගෑස් හා ඛනිජ තෙල්වලින්  ස්වයං පෝෂිත වීමේ ඉලක්කයක් තිබෙනවා. මෙම ව්‍යාපෘතිය  මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට පසුව එන  විශාලම සංවර්ධන ව්‍යාපෘතිය බවට පත්වන බවද මෙහිදී වැඩි දුරටත් අනාවරණය කෙරිණි.

     

    මෙම අවස්ථාවට  මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය  සරත් ඒකනායක,  මධ්‍යම පළාත් විදුලි බල අමාත්‍ය එදිරිවීරවීරවර්ධන  මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වී සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya