අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනවයෙන් පත්වූ රාජ්‍ය තාන්ත්‍රිකයන් උතුරේ සංචාරයක

    ජූලි 04, 2015
    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අලුතින් පත් වූ නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පිරිසක් සිය නම්නීකරණ වැඩසටහනේ කොටසක් ලෙස පසුගියදා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය. 
     
    බණ්ඩාරණායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු ආයතනයේ අධ්‍යක්ෂක එම්.ආර්. කීගෙල් මහතා ප්‍රධාන, තානාපතිවරු සහ මහකොමසාරිස්වරු විසි දෙදෙනා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් පිළිගනු ලැබීය.  
     
    අනතුරුව මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් කිලිනොච්චි ප්‍රදේශයේ වත්මන් සංවර්ධන තත්ත්වය පිළිබඳ ව සවිස්තර පැහැදිලි කිරීමක් ද සිදු කරනු ලැබීය.
     
    එමෙන්ම එම තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පිරිස යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි ද සචාරයක නිරත වූ අතර, එහිදී යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. 
     
    එම අවස්ථාවේදී යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩී.එස්. වීරමන් විසින් යාපනයෙහි සිවිල් වැසියන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආර්ථිකය නංවාලීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබූ සුභසාධන ව්‍යාපෘති පිළිබඳ ව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු දැනුවත් කරනු ලැබීය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya