මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුදුන් උපන් දේශයත් සමඟ අමනාපකම් ඇති කරන්නට උත්සාහ කරන්න එපා

    නොවැම්බර් 11, 2014

    බුදුන් උපන් දේශයත් සමඟ අමනාපකම් ඇති කරන්නට උත්සාහ නොකරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ලෝක් සභාවේදී සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය මාස 11ක් පුරා අවස්ථා 04කදී ප්‍රශ්නය යොමු කළත් ඒ සඳහා මෙතෙක් පිළිතුරු නොලැබුණු බවට කරන ලද ප්‍රකාශයට පිළිතුරක් වශයෙනි.

    අගමැති දි.මු. ජයරත්න මහතා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය විසින් අවස්ථා ගණනාවක ඉදිරිපත් කර ඇති මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා නොදුන් නිසා අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කරන බව ද කතානායක චමල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya