මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය නිවාස 24,000ක් ඇතුළත් තට්ටු නිවාස ඉදිකර ජනතාව පදිංචි කළා

    නොවැම්බර් 11, 2014

    ගත වූ කාලසීමාවේදී රජය විසින් නිවාස 24,000ක් ඇතුළත් තට්ටු නිවාස ඉදිකර ජනතාව පදිංචි කරවීමට පියවර ගත් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    වත්මන් රජය සංවර්ධන කටයුතු නිවැරදි ව ඉටුකරන රජයක් බවත් අනවසර ස්ථානවල හා වෙනත් ස්ථානවල පදිංචි ව සිටි පිරිස් තට්ටු නිවාසවල පදිංචි කිරීමේදී ඔවුන්ගේ දේශපාලන පක්ෂය කෙරෙහි අවධානය යොමු නොකර පක්ෂ භේදයෙන් තොරව නිවාස ලබා දුන් බවත් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය විසින් නගර ආශ්‍රිත ව සුවිශේෂී සංවර්ධන වැඩ කොටසක් ඉටු කරන බවක් කීය. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ප්‍රමාණයක් සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන ඇති බවත් කීය. එම පවරා ගැනීම් සිදු කර ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතුවලට අවහිරයක් නොවන පරිදි බව ද ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    ආයතනවලට අවහිරයක් නොවන පරිදි සංවර්ධන කටයුතු සඳහා ඉඩම් පවරා ගැනීමේ වරදක් නොමැති බවත් ගාල්ල දුම්රිය ස්ථානයට අයත් ඉඩමක් පවරා ගෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවත් ඔහු සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya