මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දස පුද්ගල විනිසුරු මඬුල්ලේ තීන්දුව ජනපතිට

    නොවැම්බර් 11, 2014

    දහ අටවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට තෙවැනි වරටත් ජනාධිපති ධූරය සඳහා තරග කළ හැකි ද යන්න සහ දෙවැනි ජනාධිපති ධූර කාලයෙන් වසර හතරකට පසුව ජනාධිපතිවරණයක් කැඳවිය හැකි ද යන්න පිළිබඳ ව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිතුමා වෙත මේ වන විට යොමු කර ඇත.


    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 129(1) වගන්තිය අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ මෙම මත විමසීම දස පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බැලීය.

    අග විනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන කේ. ශී‍්‍ර පවන්, චන්ද්‍රා ඒකනායක, ඊවා වනසුන්දර, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රියසාද් ඩෙප්, රෝහිණී මාරසිංහ, සරත් ආබෲ, බුවනෙක අළුවිහාරේ, සිසිර ආබෲ යන මහත්ම මහත්මීහු මෙම දස පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට ඇතුළත් වූහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya