මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට තුළ අපරාධවල අඩුවීමක් දක්නට තිබෙනවා - අධිකරණ වෛද්‍යවරු කියති

    නොවැම්බර් 11, 2014

    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එඩිතර නායකත්වයෙන් කුරිරු ත‍්‍රස්තවාදය මේ රටෙන් අතුගා දැමීමත් සමඟ රට තුළ දේශපාලන, සංස්කෘතික මෙන් ම සමාජීය වශයෙන් විශාල වෙනසක් සිදුවූවා පමණක් නොව අපරාධවල ද අඩුවීමක් දක්නට ඇති බව අධිකරණ වෛද්‍යවරු පෙන්වා දෙති.

     

    ශී‍්‍ර ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ සංගමයේ 11 වන සභාපතිවරයා තේරීපත්වීම නිමිත්තෙන් උත්සවයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    නව සභාපතිවරයා ලෙස තේරි පත් වූ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කළුබෝවිල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මුදිත විදානපතිරණ මහතා සිය මංගල කතාව සිදු කරමින් මේ බව පෙන්වා දුන්නේ ය.

    රට තුළ ලිංගික අපයෝජනවල ද විශාල අඩුවක් අද දක්නට ලැබෙන බව තම විද්‍යාත්මක පර්යේෂණවලින් අනාවරණය වී ඇති බව ද මෙහිදී ඒ මහතා පෙන්වා දුන්නේය.

    ජනතා හිතවාදී අධිකරණ වෛද්‍ය සේවාවක් ලබාදීම තම සංගමයේ අරමුණ බව ද පැවසූ මුදිත විදානපතිරණ මහතා ඒ වෙනුවෙන් තම සංගමය මේ වන විටත් විශාල කාර්යභාර්යක් ඉටුකරමින් සිටින බව ද පැවසීය.

    අපගේ කාන්තාවන්ගේ සහ ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අධිකරණ වෛද්‍යවරු සෑම අවස්ථාවකම බැඳී සිටී. පීඩාවට පත් වන කාන්තාවන් මිතුරු පියස වෙත යොමු කරන අතර ම අපයෝජනයට ලක් වූ දරුවන් යොමු කිරීම සඳහා ළමා පියස සෑම අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයක ම සකස් කරමින් සිටින බව ද පෙන්වා දුන් නව සභාපතිවරයා නොවිසෙඳෙන අපරාධ සඳහා ළමා ආරක්ෂක අධිකාරිය බදු අධිකාරියක් සෑදීමට ද යෝජනා කළේය.

    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉලක්කය වන දැනුම කේන්ද්‍රකරගත් සමාජයක් ගොඩනැගීමට ද ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සිය සංගමය දායකත්වය ලබාදෙමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

    අමාත්‍ය එස්.බී. දිසානායක, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග යන මහත්වරු ද විශ්වවිද්‍යාල මහාචාර්යවරු, විශේෂඥ වෛද්‍යවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya