මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති යළි දිවයිනට

    ඔක්තෝබර් 18, 2016

    බි‍්‍රක්ස් – බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ විශේෂ ආරාධනය පරිදි ඉන්දියාවේ සංචාරයක නිරත වූ ජනාධිපති  මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය දෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කර ඊයේ  (17) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය.

    සමුළුවට සමගාමීව ඊට එක්ව සිටි රාජ්‍ය නායකයින් රැසක් සමඟ ද ජනාධිපතිතුමා ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ අතර චීන ජනාධිපති ෂි ජිං පිංග්, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නේපාල අග‍්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහල්, භූතාන අග‍්‍රාමාත්‍ය ශරීන් ටෝබ්ගේ යන මහත්වරුන් සමඟ පැවති සාකච්ඡාවලදී ශී‍්‍ර ලංකාවට ආර්ථික මෙන්ම වෙළෙඳ ප‍්‍රතිලාභ රැසක් ලබා ගැනීමට ජනාධිපතිතුමාට හැකි විය.

     

    මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මහතා සහ ජනාධිපතිතුමා අතර විශේෂ හමුවක් 16 වැනි දා රාති‍්‍රයේ සිදු වූ අතර ශී‍්‍ර ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

     

    මියන්මාර් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සාමාජිකා, මියන්මාර් විදේශ කටයුතු ඇමති අවුන් සාන් සුකී මහත්මිය සහ ජනාධිපතිතුමා අතර පැවති හමුව ද සුවිශේෂී වූ අතර ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයට අවුන් සාන් සුකී මහත්මියගේ දැඩි ප‍්‍රසාදය හිමි විය.

     

    ජනාධිපතිතුමා 16 වනදා රාති‍්‍රයේ බෙංගාල බොක්ක අවට රටවල ආර්ථික සහ සහයෝගීතා සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව අමතා විශේෂ දේශනයක් සිදු කළ අතර එදිනම රාති‍්‍රයේ බි‍්‍රක්ස් – බිම්ස්ටෙක් සමගාමී රාජ්‍ය නායක සමුළුව අමතනු ලැබීය.

     

    ඉන්දියාව, චීනය, රුසියාව, බ‍්‍රසීලය, දකුණු අප‍්‍රිකාව යන නැගී එන ලෝක ආර්ථික බලවතුන් හමුවේ ජනාධිපතිතුමා කළ දේශනය සුවිශේෂී වූ අතර එම සියලූ රාජ්‍ය නායකයින්ගේ ප‍්‍රශංසාව සහ සුබපැතම් ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයාට හිමි විය.

     

    මේ අතර ඉන්දීය නිල සංචාරය නිමාකළ ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයාට ගෞරවනීය සමුදීමක් වෙනුවෙන් විශේෂ උත්සවයක් ඉන්දියාවේ Trichy ගුවන් තොටපුළේදී සුදානම් කර තිබුණි.

     

    ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය එම්.ජේ. අක්බාර් මහතා ඇතුළු ඉන්දීය රජයේ විශේෂ නියෝජිත පිිරිසක් එම අවස්ථාවට එක්ව සිටී අතර රතු පළස මතින් කැඳවාගෙන ආ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත විශේෂ හමුදා උත්තමාචාර ද පිළිගැන්විනි.

     

    මේ අතර පැරණි ගෝවා නගරයේ පිහිටි ඓතිහාසික දේවස්ථානයක් වන Basilica of Bom Jesus දේවස්ථාන වෙත ද අද පස්වරුවේ ගිය ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත් අතර එහි Savio Baretto පියතුමා විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya