මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිමිකරුවාගේ අයිතිවාසිකම ලබාදෙන - කාලාවරෝධ (විශේෂ විධිවිධාන )පනත් කෙටුම්පත විවාදයට

    අප්‍රේල් 06, 2016

    කාලාවරෝධ (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි. අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කළේ ය.


    මෙය රටට අවශ්‍ය නීතියක්. ජනතාව දැනගත යුතු නීතියක්.ජනතාවට ලබෙන ප්‍රතිලාභ පිළිබඳ දැනගත යුතුයි. කාලාවරෝධ නීතිය කාලයකට පෙර නීතියේ ක්‍රියාත්මක වුණා. කාලාවරෝධය යටතේකිසියම් ඉඩමක හිමිකාරීත්වය වසර දහයක් පුරා  භුක්ති විද ඇත්නම් එහි අයිතිය බුක්තියට සරි වීම සිදු වෙනවා.

    මෙහිදී නීතියේ සුවිශේෂී වෙනසක් සිදු වන්නේ නැති වුවත්, සමහර ජනකොටසක්වලට අගතියක් වී තිබෙනවා. වසර දහයක් කියන කල සීමාවරටේ පැවැති ගැටුම්කාරී තත්ත්ය තුළ ඉතා කෙටි කාලයක්.

     

    1983 මැයි 01 සිට 2009 මැයි 18 දක්වා කාලය ගැටුම් කාරී කාලයක් තුළ තම දේපලවල අයිතිය බුක්තිවිදීමට බැරි වුණේ, ඔහුගේ පාලනයකින් තොරව,රටේ පැවැති කලබලකාරී තත්ත්වය නිසා නම්, රටේ ගැටුම්කාරී තත්ත්වය නිසා අධිකරණ කටයුත්තකට යන්නට නොහැකි වූවා නම්, යම් අසාධාරණයක් වී තිබෙනවා. උතුරු නැඟෙනහිර ජනතාවට යම් අසාධාරණයක් වී තිබෙනවා.

    පරම්පරා ගණනාවක් තිස්සේ පැවැති අයිතිය,යුද්ධය හේතුවෙන් වෙනත් පුද්ගලයන් බලහත්කාරයෙන් අල්ලාගෙන,හෝ රැකගන්න බැරිව ඉවත්වී ගියාට පසුව අල්ලා ගෙන එහිභුක්තිය ලබාගෙන තිබෙනවා. නීතිය යටතේ හිමිකමක් පැමේ අයිතියක් තිබෙනවා.

     

    අපි මේ පනතින් අරමුණු කරන්නේ,එම අයිතියක් නොමැතිව භුක්ති විදින අයට කාලාවරෝධී නීතියේ වාසිය ඉවත් කරලා, ප්‍රමුඛතාව ලබාදෙන්න නියමිත හිමිකරුවාගේ අයිතිවාසිකම ලබාදීම තහවුරු කරන්න යැයි අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya