මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රතුපස්වල තුවාල ලැබූවන්ට ජනපති නියමයෙන් වන්දි

    අප්‍රේල් 06, 2016

    රතුපස්වල සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 33 දෙනෙකු සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 4.68 ක මුදලක් ලබාදීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය අනුමැතිය ලබාදී තිබේ.

    මේ අනුව අදාළ සිදුවීමෙන් පූර්ණ ආබාධිත, අර්ධ ආබාධිත සහ තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත වූ ගම්පහ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුද්ගලයින් 24 දෙනෙකු සහ මහර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුද්ගලයින් 9 දෙනෙකු වෙනුවෙන් ලබන 08 වනදා ජනාධිපතිතුමා අතින් මෙම වන්දි මුදල් ප‍්‍රදානය කිරීමට නියමිතය.

    රතුපස්වල සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා පසුගිය සති කිහිපය තුළ ජනාධිපතිතුමා සිය විශේෂ අවධානය යොමු කර කටයුතු කළ අතර ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ගම්පහ දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබිණි.

    එම කමිටුවේ නිර්දේශ මත මෙම වන්දි ප‍්‍රදානය සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya