මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිරිසිදු දේශපාලනයකට ව්‍යාවස්ථාපිත ආයතන ශක්තිමත් කරනවා

    මාර්තු 12, 2016

    පිරිසිදු දේශපාලන සංස්කෘතියක් පිළිබඳ සියලු ව්‍යවස්ථාපිත ආයතන ශක්තිමත් කර අනාගත පාලකයින්ට යහපත් දේශපාලන පසුබිමක තම පාලන කටයුතු කර ගෙන යාමට අවස්ථාව සළසා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, මාර්තු 12 ව්‍යාපාරයට, වසරක් පිරීම නිමිත්තෙන් අද (12) පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

    දේශපාලන පක්ෂයක ප‍්‍රධාන ආදර්ශය ලබා දිය යුත්තේ එහි නායකත්වය බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා පහළට ගලා බසින්නේ නායකත්වය තුළ තිබෙන ගති ලක්ෂණ බවත් නායකයා දුෂිතයෙක්, හොරෙක්, වංචාකාරයෙක් වුවහොත් එම ආදර්ශයන් අනෙක් සාමාජිකයින්ට ලැබෙන බවත් කියා සිටියේ ය.

    පැවති රජයේ දූෂණ, වංචා පෙන්වා දීමට ගොස් තමා රාජ්‍ය උදහසට ලක්වූ අවස්ථාද බොහෝ තිබූ බව මෙහිදි සිහිපත් කළ ජනාධිපතිතුමා ඒවා පෙන්වා දෙන්නේ වෙනත් ගමනක් යන්නදැයි එදා නායකත්වය ඇසූ බවත්, වෙනත් ගමනක ඇරඹුම එදා හදවත තුළ සටහන් කර ගත්තේ වංචාවෙන්, දූෂණයෙන්, හොරකමෙන්, ආඥාදායකත්වයෙන් මෙන්ම බලලෝභයෙන් රටේ දේශපාලනය නිදහස් කර සාදාචාරවත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැ`ගීමට බවත් කියා සිටියේ ය.

    අතීත අත්දැකීම් සිහියේ තබා ගනිමින් අනාගතය සකස් කර ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා වැරදි කරුවන් සොයා දඩුවම් දෙනවාට වඩා වැරදි කරුවන් බිහිවන සමාජ ක‍්‍රමය නිවැරදි කිරීම වඩා යෝග්‍ය බව ද කියා සිටියේය.

    සිය නිල කාලය තුළ මේ රට සියලු දෙයින් ආඩ්‍ය වූ සුරංගනා ලෝකයක් කිරීමට පොරොන්දු නොදෙන අතරම තම උත්සාහය අධිවේගි මාර්ග හෝ අහස උසට ඉදිවන ගොඩනඟිලි පමණක් නොව පිරිසිදු දේශපාලනයක් මෙන්ම, සාදාචාරවත් අනාගත පරපුරක් බවද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

    දේශපාලන ප‍්‍රතිසංස්කරණ හරහා ප‍්‍රජාතාන්ති‍්‍රය ක‍්‍රමවේදයක් අනුගමනය කරමින් යහපත් දේශපාලන සංස්කෘතිකයක් ස්ථාපිත කිරීම සඳහා සිවිල් සංවිධාන ඇතුළු ප‍්‍රගතිශීලි පිරිසක් ඒකරාශිව මාර්තු 12 ව්‍යාපාරය ආරම්භ කළේය.

    දීර්ඝ කාලීනව පැෆරල් සංවිධානය දේශපාලන ක්ෂේත‍්‍රයේ සිදුකරන ලද සමීක්ෂණ සාකච්ඡා ආදියෙන් ලබාගන්නා ලද නිගමනයන් මත පිහිටමින් දේශපාලන සංස්කෘතිය වඩාත් යහපත් කරවීම සඳහා මැදිහත්විය යුතු ආකාරය මෙයින් පෙන්වා දෙනු ලබයි.

    මාර්තු 12 ව්‍යාපාරයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. පිරිසිදු දේශපාලනය සංකේතවත් කරන ලාංඡනය ද ජනාධිපතිතුමා වෙත පැළදවීම සිදු විය.

    කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන්ද, අමාත්‍ය චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක්ද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස්, ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya