මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කරනවා - ජනපති

    මාර්තු 12, 2016

    දේශීය ව්‍යවසායකයා දුර්වල කරන ප‍්‍රතිපත්ති නව රජය විසින් කිසිවිටෙකත් ක‍්‍රියාත්මක නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේය.

    ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ඊයේ(11) පස්වරුවේ කොළඹදී පැවති තරුණ ව්‍යවසායකයින්ගේ සංගමයේ 17 වන සංවත්සරය අමතමිනි.

    රජයේ වැඩපිළිවෙළ තුළ දේශීය උරුමයන් සුරක්ෂිත කරමින් දේශිය ව්‍යාපාරිකයින් ශක්තිමත් කිරීමේ වගකීම තමන් පෞද්ගලිකව බාරගන්නා බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    අදහස් දහසක් මතු වූ තැන වඩා නිවැරදි එක් අදහසක් තෝරාගෙන කටයුතු කිරීම සංවර්ධනයේ න්‍යාය ධර්මයක් බැවින් සියලු දේශිය කර්මාන්ත කරුවන් ඉදිරි සංවර්ධන කාර්යයන්හිදී රජය සමග සාකච්ඡා කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිතුමා පැවසීය.

    නවරජය කෙරෙහි පවතින යහපත් මෙන්ම අයහපත් මතවාද පිළිබඳ තමන් දැඩි අවධානයකින් සිටින බව සඳහන් කළ ජනාධිපතිතුමා ඇතැම් මාධ්‍යයන් මෙන්ම දේශපාලන ප‍්‍රතිවාදීන් සහ ඇතැම් පටු චින්තනයෙන් හෙබි පුද්ගලයින් අසත්‍ය ප‍්‍රචාරයන් ගෙනයන බවද ප‍්‍රකාශ කළේය.

    දේශීය කර්මාන්ත කරුවන් නිවැරදි සහ අවශ්‍ය දේ තෝරාගෙන කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා දේශිය ව්‍යාපාරිකයාගේ හඬ අවදි කරන ලෙසද ඉල්ලා සිටියේය. එමෙන්ම මාතෘභූමියේ ඉදිරි සංවර්ධනය සඳහා තමන්ගේ අත්දැකීම් සහ දැනුම පරිත්‍යාගකරන ලෙස ද ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවේදී තරුණ ලාංකීය ව්‍යවසායකයන්ගේ සංගමයේ හිටපු සභාපති නවීන් පෙරේරා සහ නව සභාපති කසුන් රාජපක්ෂ යන මහත්වරුන් අතින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ප‍්‍රදානය කෙරිණි.

    නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල අමාත්‍ය දයාසිරි ජයසේකර සහ තරුණ ව්‍යවසායකයන්ගේ සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya