අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙලිප්පලෙයි සහ කෝපායි වැසියන්ට යළි තම මුල් ගම්බිම්වල අයිතිය

    මාර්තු 13, 2016

    යුද්ධයෙන් ඉඩම් අහිමි වූ තෙලිප්පලෙයි සහ කෝපායි ප‍්‍රදේශවල ජනතාවට නැවත තම උපන් බිමේ අයිතිය ලබාදෙමින් තෙලිප්පලෙයි සහ කෝපායි ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 701 ක් නැවත එම ජනතාවට පවරාදීම ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) සිදු විය.

    මේ අනුව වසර 26 කට පසුව තෙලිප්පලෙයි ප‍්‍රදේශයේ පවුල් 650 කට නැවත තම මුල් ගම් බිමිවල අයිතිය හිමි වන අතර කෝපායි ප‍්‍රදේශයේ පවුල් 50 කට තම මුල් ඉඩම්වල අයිතිය හිමි වේ.

     

    ඒ සමගම මෙතෙක් ආරක්ෂක හමුදා භාරයේ පැවති කෝපායි ප‍්‍රදේශයේ සියලු ඉඩම් මුදා හැරීම සම්පූර්ණයෙන් අවසන් කෙරේ.

     

    එමෙන්ම යුධ සමයේ ආරක්ෂක හමුදාවන්ගේ ප‍්‍රයෝජනය සඳහා පවරාගෙන තිබු තෙලිප්පලෙයි නඬේස්වරා මහා විද්‍යාලය සහ කණිෂ්ඨ විද්‍යාලය යළි එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පවරා දෙමින් එහි හිමිකම් පත‍්‍ර විදුහල්පතිවරුන් වෙත භාරදීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    ඒ අනුව වසර 26 කට පසු තම උපන් ගමේ පාසලේ අකුරු කරන්නට තෙලිප්පලෙයි දරුවන්ට අවස්ථාව සැළසෙන අතර මෙතෙක් ඔවුන් අධ්‍යාපනය ලැබුයේ තාවකාලික පාසල්වල ඉතා දුෂකරතා මධ්‍යයේය.

     

    යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට නිවාස 65,000 ක් ඉදිකර දීමේ ව්‍යාපෘතිය යටතේ තෙලිප්පලෙයි ඉදිකෙරුණු ආදර්ශ නිවාසයක් නිරික්ෂණය කිරීමටද මෙහිදී ජනාධිපතිතුමා එක් විය.

     

    එම නිවාස එම ජනතාවගේ අවශ්‍යතාවය සහ ඔවුන්ගේ කැමැත්ත සැළකිල්ලට ගනිමින් සැළසුම් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා නිලධාරින්ට පෙන්වා දුන්නේ ය.

     

    අනතුරුව තෙලිප්පෙලෙයි නඬේස්වරා විද්‍යාලයේ පැවති ඉඩම් හිමිකම් පත‍්‍ර ප‍්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ උතුරේද, දකුණේද කිසිදු බේදයකින් තොරව සියලු ජනතාවගේ අයිතිවාසිකම් රැක දීමට රජය කටයුතු කරන බවයි.

     

    උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය නැවත ලබාදෙමින් ඔවුන් මුල් ගම් බිම්වල පදිංචි කරවීම රජයේ ප‍්‍රමුඛ කාර්යක් සේ සළකා ඉටු කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    මෙම වැඩපිළිවෙල කරගෙන යන අතරතුර දකුණේ ඇතැම් අන්තවාදී පිරිසක් රජයට විවිධ චෝදනා සහ විවේචන එල්ල කරමින් සිටින බව පැවසු ජනාධිපතිතුමා උතුරේ අහිංසක ජනතාව කඳවුරුවල ගත කරන දුක්ඛිත ජීවන තත්ත්වය දැක බලා ගැනීමට උතුරට පැමිණෙන්නැයි තමා ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

     

    ජාතික සංහිඳියා වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට උතුරට යන නියෝජිතයින් උතුරට පමණක් නොව දකුණටද ගොස් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා සංහිදියා වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ කාර්යේදී පළමුව දකුණේ ජනතාව තුළ අවබෝධයක් ඇතිකළ යුතු බවද ප‍්‍රකාශ කළේය. විවේචන, චෝදනා ඕනෑම අයෙකුට කළ හැකි අතර සිය වගකීම් සහ යුතුකම් ඉටු කිරීමටද එවන් ආකාරයෙන්ම සියලුදෙනා කැප විය යුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, ප‍්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන්, පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන්, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අංගජන් රාමනාදන්, මාවෙයි සේනාධිරාජා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද යාපනය දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහුද මීට එක්ව සිටියහ.

     

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya