මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු සේවකයින්ට රුපියල් බිලියන 05 ක හිඟ ETF , EPF ගෙවීමට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට

    අප්‍රේල් 29, 2024

    වසර 20 ක් තිස්සේ වතු සමාගම් විසින් වතු සේවක මහත්ම මහත්මීන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 05 ක් පමණ වූ හිඟ සේවක භාරකාර අරමුදල් සහ සේවක අර්ථසාධක අරමුදල් , රජයේ මුදලින් ප්‍රතිලාභීන්ට ගෙවීමට ජනාධිපතිවරයා එකඟත්වය පල කිරීමෙන් අනතුරුව ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කරන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


    ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් පසුගියදා  (27) යටියන්තොට නාගස්තැන්න වතු යායේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
    මෙහි දී වැඩිදුරවත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, වතු සේවකයින් විසින් ඔවුන්ට අදාළ හිඟ මුදල ලබා ගැනීම සඳහා නඩු 2000 කට ආසන්න ප්‍රමාණයක් ගොනුකර ඇති බවත් එහෙත් මෙතෙක් සාධාරණයක් සිදු ව නොතිබූ බවත්, වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය නගාසිටුවීමට පියවර ගත යුත්තේ සේවකයින්ගේ මූලික අයිතීන් ආරක්ෂා කරමින් බවත් , රජය ඒ පිළිබඳ පූර්ණ අවධානය යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නංවන බවත් අවධාරණය කළේය.
    එමෙන්ම වතුවල ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා වැවිලි කළමනාකරණ ඒකකයක් පැවතිය ද එය ශක්තිමත් නොවන නිසා , පවතින තත්ත්වයට වඩා, හොඳින් වතුසේවක අයිතිවාසිකම් පිලිබඳ සොයාබැලීම, යටිතල පහසුකම් විධිමත් කිරීම, වැවිලි ආශ්‍රිත කටයුතු විධිමත් කිරීම ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් නව කලමනාකරණ අධිකාරියක් පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
    ආර්ථික අසීරුතා කෙතෙක් පැවතියද හඳුනාගත් ප්‍රමුඛතා ඉටු කිරීම වෙනුවෙන් රජය නොපැකිලී කටයුතු කරන බවත් මෙරට වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් වතු සේවක අයිතිවාසිකම් සහ ගැටලු පිළිබඳ සොයා බලමින් වතු නිවාස මංමාවත් කර්මාන්ත ශාලාවල තත්ත්වය ඇතුළු ඔවුන්ගේ යටිතල පහසුකම් විධිමත් කිරීම වෙනුවෙන් වතු කළමනාකරණයට නව අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya