මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මහමෙවුනා අසපුවේ පින්කමට එක්වෙයි

    ජූලි 02, 2015

    කඩුවෙල හේවාගම මහමෙවුනා බෝධිඤාණ අසපුවේ අභිනවයෙන් ඉදිකළ සිරි ගෞතම ද්වාර මණ්ඩපයත් සිරි ගෞතම බෝධි මණ්ඩපයත් ආශීර්වාද ප්‍රතිමාඝාරයත් සසුනට පිදීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (01) ඇසළ පුන් පොහෝ දින පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.

    ඒහිදී මගුල් ඛෙර වාදන මධ්‍යයේ සිරි ගෞතම ද්වාර මණ්ඩපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් විවෘත කෙරිණි.

    පූජ්‍ය කිරිබත්ගොඩ ඥනානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට අට පිරිකර පූජා කළ ජනාධිපතිතුමා බෝධි පූජා පින්කමට ද සහභාගී විය.

    රැස්ව සිටි සැදැහැවතුන් විශාල පිරිසක් මෙහිදී ජනාධිපතිතුමන් සමඟ සුහද කතා බහට එක්විය.

    අමරපුර සංඝ සභාවේ සභාපති දොඩම්පහළ සිරි චන්ද්‍රසිරි මහනායක හිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය , අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් සැදැහැවතුන් ඇතුළු විශාල පිරිසක් මෙම පුණ්‍යෝත්සවයට එක්වූහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya