අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැනුම පදනම් කරගත් ආර්ථිකය සමඟ අපේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති ද වෙනස්විය යුතුයි - ජනපති

    ජූලි 02, 2015
    අපගේ දරුවන්ට තරගකාරී නව තාක්ෂණ ලෝකය ජයග‍්‍රහණය කළ හැකි පරිදි ඉදිරි අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
     
    දැනුම පදනම් කරගත් ආර්ථිකය සමඟ අපගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තින් වෙනස්විය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට පසුගියදා එක්වෙමිනි.
     
    සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දැනුම පදනම් කරගත් ආර්ථිකයට අවශ්‍ය පුද්ගලයන් නිර්මාණය කිරීමේදී නිපුණතා සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.
     
    විශ්වවිද්‍යාල වරම් අහිමිවන සියලු ම දරුවන්ට විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් ලබාදෙමින් නිපුණතාවෙන් යුතු පුරවැසියන් රටට දායාද කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.
     
    යහපත්, විනයගරුක සහ ශීලිචාර සමාජයක් රට තුළ ගොඩනැගීමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා නව රජය ලෙස දැඩි නීතිරීති සම්මත කරන බව ද කියා සිටියේය.
     
    සමාජය වෙළාගෙන ඇති මත් උවදුරින් අනාගත දරු පරපුර බේරාගැනීමට පුළුල් ජාතික වැඩපිළිවෙළක් සැලසුම් කර තිබේ. මත්කුඩු, මත් පෙති, හෙරොයින් ගෙන්වන සහ අලෙවි කරන අයට මර්ණීය දණ්ඩය ලබාදීමට සමාජ කතිකාවතක් අවශ්‍ය බවත් බෞද්ධයෙක් ලෙස කණගාටු වුවත් රටේ දරුවන්ට යහපත් රටක් ගොඩනගාදීම සඳහා එවැනි තීරණයකට එළැඹීමට තමා පසුබට නොවන බවත් ජනාධිපතිතුමා පැවසීය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya