මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සදහම් යාත්‍රා'', ධර්ම දේශනා මාලාවේ පස්වැන්න අද

    ජූලි 01, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෑම පුර පසළොස්වක පෝය දිනකම පැවැත්වෙන '' සදහම් යාත්‍රා'' ධර්ම දේශනා මාලාවේ, ඇසළ පුන් පොහෝ දින ධර්ම දේශනාව දෙහිවල පින්වත්ත පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අද (01) පැවැත්විණි.

    ප්‍රථමයෙන් විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පුජ්‍ය වල්හපුතැන්නේ නන්දසුමන හිමිපාණන් වහන්සේ බැහැ දැකිමෙන් අනතුරුව ස්වාමින් වහන්සේ වෙත පිරිකර පූජා කර ආගමික වතාවත්වල නිරත වී ධර්ම දේශනාව සඳහා සහභාගි විය.

    කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක‍ෂ, මාහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල හිමි විසින් ප්‍රධාන ධර්ම දේශනාව පැවැත්වූහ.

    මෙම පුණ්‍යෝත්සවය සොඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක‍්ෂ, රත්මලාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මොහාන් ලාල් ග්‍රේරු, රත්මලාන සම සංවිධායක චන්දන කත්‍රීආරච්චි, ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් බි.එම්.යු.ඩි. බස්නායක යන මහත්වරුන් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වුහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya