මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ගමන් බලපත් හිමියන් උතුරේ සංචාරයේ දී පිළිපැදිය යුතු ක්‍රියා මාර්ගය Featured

    ඔක්තෝබර් 31, 2014
    විදේශ ගමන් බලපත් හිමි පුද්ගලයන්ට (foreign passport holders) ආරක්‍ෂක හේතුන් මත උතුරු පළාතේ ඇතැම් ප්‍රදේශ කරා ගමන් කිරීම සීමා කොට ඇති අතර එසේ ගමන් කරන පුද්ගලයන් රාජ්‍ය ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් පුර්ව අවසරයක් ලබාගත යුතුය. 
     
    ඒ අනුව යාපනය, කිලිනොච්චිය, මුලතිවු, මන්නාරම (වෙඩිතලතිවු ප්‍රදේශයෙන් උතුරට වූ ප්‍රදේශ), වවුනියාව (ඕමන්ත ප්‍රදේශයෙන් උතුරට වූ ප්‍රදේශ) යන ප්‍රදේශ කරා ගමන් කරන පුද්ගලයන් වෙනුවෙන් උක්ත පුර්ව අනුමැතිය අවශ්‍ය වනු ඇත. ඒ සඳහා වන අයදුම්පත් ෆැක්ස් මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් ආරක්‍ෂක අමාත්‍යංශය වෙත එවීමට හැකියාව ඇත.
     
    ඉල්ලුම්පත්‍රයට ඉල්ලුම් කරුගේ සම්පුර්ණ නම, විදේශ ගමන් බලපත් අංකය, ගමනට යෝජිත දිනය, ආපසු පැමිණීමට යෝජිත දිනය, ගමනට හේතුව, ගමන් ගන්නා අයුරු (ගුවනින් /දුම්රියෙන්/ පොදු ප්‍රවාහන සේවා මගින් හෝ පුද්ගලික වහනයකින්ද යන්න), ගමන් ගන්නේ පුද්ගලික වාහනයකින් නම් එහි ලියාපදිංචි අංකය රියදුරුගේ නම, අදාළ කාලය (ඉල්ලුම් කර ඇති කාලසීමාව) තුළ අවස්ථා කිහිපයක් නැවත නැවත ප්‍රදේශ අතර ගමන් ගන්නේද යන වග ඇතුළත් විය යුතුය.
     
    එම ප්‍රදේශ තුළ මේවන විට ක්‍රියාත්මක ව්‍යාපෘතියකට හෝ ආයෝජන කටයුත්තකට එම ප්‍රදේශ වෙත ගමන් ගන්නේ නම් අදාළ නියෝජිත ආයතන /ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය /ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හෝ සංහිඳියාව පිළිබඳ ව කොමසාරිස් ජනරාල් කාර්යාලය හරහා එම ඉල්ලුම් පත් එවිය යුතුවේ.
     
    ෆැක්ස් - +94112328109
    විද්‍යුත් තැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
     
    DB/ med

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya