අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ජුලි 01 සිට Featured

    ඔක්තෝබර් 31, 2014
    රජයේ සේවකයන් සඳහා මෙතෙක් තුන් වතාවකදී ලබාදුන් 20% විශේෂ දීමනාව සහ මෙවර අය - වැයෙන් ලබාදුන් රුපියල් 2200ක වැටුප් වැඩිකිරීම මූලික වැටුපට එකතුකර ලබන ජුලි 01දා සිට ගෙවීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
     
    රාජ්‍ය සේවකයන් සඳහා 2011 දී 5%ක්, 2012 දී 10%ක් සහ 2013 දී 5% වශයෙන් 
    මෙකී විශේෂ දීමනාව ලබා දී ඇත.
     
    2015 අයවැය හරහා කළ වැටුප් වැඩිකිරීම ලබා දෙන තෙක් ලක්ෂ 14ක් වන මෙරට සියලු රජයේ සේවකයන්ට රුපියල් 3000ක් හා සියලු විශ‍්‍රාමිකයන්ට රුපියල් 2500ක් බැගින් අන්තර් දීමනාවක් ලෙස ලබන නොවැම්බර් 01 වැනිදා සිට ලබා දෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
     
    DB/ priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya