මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිඩ්නි නුවර ආපන ශාලාවක ප්‍රාණඇපකරුවන් සිද්ධියට ජනපති කනස්සල්ල පළ කරයි

    දෙසැම්බර් 15, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) සිඩ්නි නුවර ආපනශාලාවකට පැමිණි අය ව ප්‍රාණඇපකරුවන් ලෙස තබා ගැනීමේ සිද්ධියක් පිළිබඳ ව අද (15) ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය දැඩි කනස්සල්ල ඔස්ට්‍රේලියානු රජයට පළකර සිටී.

    ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ඕස්ට්‍රේලියාව සමග සිටින බව ජනාධිපතිතුමා එමඟින් අවධාරණය කර තිබේ.

     

    නිව් සවුත් වේල්ස්හි සිඩ්නි නුවර මාර්ටින් පෙදෙසේ ලින්ඩ්ට් කැෆේ (Lindt cafe)හි මෙසේ රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර එහි සේවය කරන අය 10 දෙනෙකු සහ පාරිභෝගිකයින් ගණන 30ක් පමණ වන බව වාර්තා වේ.

     

    අද උදෑසන Lindt chocolate shop and cafe වෙත බෑගයක් සහ අවියක් අතින් ගත් අයෙකු ඇතුල්වුණු බව සිද්ධිය සියැසින් දුටුවෙකු පවසා ඇත.

     

    අවිවලින් සන්නද්ධ වූ පොලිස් භටයින් මේ වනවිට එම ස්ථානය වටලා සිටින බවත් නිවැරදිව එහි තුළ සිටින ගණන පැවසිය නොහැකි බවත් වාර්තා වේ.

     

    Lindt chocolate shop and cafeහි ඉදිරිපස වීදුරු ජනේලයකින් කළු පැහැති රෙද්දක ලියූ අරාබි වැකියක් මාර්ගයට පෙනෙන සේ අල්ලා ගෙන සිටින්නේ ප්‍රාණ ඇපයට ගත් අය යොදවා විය හැකි බව ද පැවසේ.


    කෙසේවෙතත් මීට පැයකට පමණ පෙර එහි ඇතුළත සිටි තිදෙනෙකු ඉන් මිදී පැනගත් බව ද පස්වරු 5.00ට පමණ එහි සේවිකාවන් දෙදෙනෙකු ද ආපනශාලාවෙන් බේරී ආ බව ද මේ වනවිට වාර්තා වේ.

     

    පොලිසිය එම ස්ථානය අවට ජනතාව ඉවත්කර ඇති අතර ආසන්න ගොඩනැගිලිවල සිටින අයට ඇතුළට ම වී සිටින ලෙසත් ජනෙල් කවුළුවලින් ඈත් ව සිටින ලෙසටත් උපදෙස් දී ඇත.

     

    HC

    Lindt cafe worker flees to safety

    Heavily armed police are surrounding the cafe

     

    Martin Place station is closed

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya