මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු ජාතික පොලිස් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක්

    දෙසැම්බර් 14, 2014

    කොරියානු ජාතික පොලිස් විශ්වවිද්‍යාලය සමඟ නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් හුවමාරු කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට මූලික එකඟතාවට එළැඹ තිබෙන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

    කොරියානු පොලිස් නියෝජිත ආයතනය ඇතුළු පොලිස් පද්ධතිය පිළිබඳ නිරීක්ෂණ සහ ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් දකුණු කොරියාවේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේ දී කොරියානු පොලිස් නියෝජිත ආයතනයේ විදේශ කටයුතු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් හොන්ග් සියොන්ග් සැම් මහතා සමඟ සහ කොරියානු ජාතික පොලිස් විශ්වවිද්‍යාලයේ සභාපති හ්වැන්ග් සුන්ග් චෑන් මහතා සමඟ කළ සාකච්ඡාවන් හි ප්‍රතිඵලයක් ලෙස මේ එකඟතාවට පැමිණ තිබේ.

     

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ අතිරේක ලේකම්, කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් පසුගිය නොවැම්බර් 29 සිට දෙසැම්බර් 05 දක්වා වූ කාලය තුළ කොරියානු ජාතික පොලිස් නියෝජිත ආයතනය ඇතුළු කොරියානු පොලිස් පද්ධතියේ සුවිශේෂී ආයතන කිහිපයක ක්‍රියාකාරීත්වය විමර්ශනය කෙරිණි.

     

    දෙරට අතර නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් හුවමාරු කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට මූලික එකඟතාවට එළඹුන අතර, අවබෝධතා ගිවිසුම් කෙටුම්පත් දෙරටේ තානාපති කාර්යාල මඟින් හුවමාරු කර ගැනීමට තීරණය කරන ලදී.

     

    අවබෝධතා ගිවිසුමක් මඟින් සම්බන්ධතා නීත්‍යනුකූල කර ගන්නා තෙක් හුවමාරු වැඩසටහන් මඟින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සක්‍යතාව ඉහළ නැංවීමට අවශ්‍ය සහයෝගය ලබා දීමටත් විදේශ කටයුතු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එකඟතාව පළ කර තිබේ.
     
    ශ්‍රි ලංකා නිලධාරී පිරිස පොලිස් පර්යේෂණ හා සංවර්ධන කාර්යභාරය ඉටු කරන කොරියානු පොලිස් විද්‍යා ආයතනයේ ප්‍රධානී ඇතුළු නිලධාරී පිරිසක් මුණ ගැසුණු අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට රික්තකයක්ව පවතින පොලිස් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීම සඳහා සාර්ථක සාකච්ඡා පැවැත්විණි.

     

    කොරියානු පොලිස් නියෝජිත ආයතනයේ, CCTV පාලන ආයතනය, සෝල් නගරයේ මෙට්‍රොපොලිටන් පොලිස් ආයතනය, 112 හදිසි ඇමතුම් සේවා ආයතනය, අපරාධ පර්යේෂණ ආයතනය, කාන්තාවන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම, කොරියානු ජාතික පොලිස් රෝහල යන ආයතනවල ද, නිලධාරී පිරිස සංචාරය කළ අතර එම ආයතනවල කටයුතු පිළිබඳ අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු සඳහා අදාළ කරගත හැකි නව ක්‍රමවේද පිළිබඳ විමසීමක් කරන ලදී.

     

    දකුණු කොරියානු ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්න මහතා සංචාරය අතර තුරදී හමුවීමට නිලධාරී පිරිසට අවස්ථාව උදාවිය.

     

    මේ සංචාරය සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා සමඟ සහකාර ලේකම් - ඕෂධ ගුණතිලක, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - කේ.කේ.එස්. ලක්මිණී, පොලිස් දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නියෝජ්‍ය පොලිස්පති (විනය හා කල්ක්‍රියා) - ගාමිණී දිසානායක, නියෝජ්‍ය පොලිස්පති (පුහුණු) - එම්.ආර්.ලතීෆ් සහ ඒෂියා ෆවුන්ඩේෂන් ආයතනය නියෝජනය කරමින් දීපලාල් ගමගේ යන මහත්ම මහත්මීහු එක්වූහ.

     

    HC/lawandorder

    korian tour of law  order ministry 1

     

    korian tour of law  order ministry 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya