මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්.ටී.ටී.ඊ.යට එරෙහි ව ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හඬ අවදි කරයි

    දෙසැම්බර් 12, 2014

    ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් අගය කළ යුත්තේ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් මිස කෲරත්වය වෙනුවෙන් පෙනී සිටි ත‍්‍රස්තවාදී නායකයන් නොවන බව ඕස්ටේ‍්‍රලියානු ලිබරල් පක්ෂයේ සෙනට් සභික ඩොන් රැන්ඩල් මහතා අවධාරණය කර ඇත.


    ඔහු පෙරේදා (10) එම පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් මේ බව කියා සිටියේය.

    එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සැමරූ ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුට එරෙහි ව මේ ප‍්‍රකාශය සිදු කෙරිණි.

    ඕස්ටේ‍්‍රලියානු හරිත පක්ෂයේ සෙනෙට් සභික ලී රියානන් මන්තී‍්‍රවරිය පසුගිය දා වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සමරමින් උත්සවයක් පවත්වා තිබේ.

    ඊට විරෝධය පළ කරමින් ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයක් සිදු කළ ලිබරල් පක්ෂ සෙනෙට් සභික ඩොන් රැන්ඩල් ප‍්‍රකාශ කළේ කෲර ත‍්‍රස්තවාදී නායකයෙකු සමරන සභිකයෙක් සිය පාර්ලිමේන්තුවේ සිටීම පිළිබඳ ව තමන් කනගාටු වන බවයි.

    ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය ඩොන් රැන්ඩල් මන්තී‍්‍රවරයාව උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ එල්.ටී.ටී.ඊ.ය ශී‍්‍ර ලංකාවේ බෙදුම්වාදය පැතිරවීමට කි‍්‍රයාකළ කණ්ඩායමක් බවයි. ශී‍්‍ර ලංකාව ත‍්‍රස්තවාදය පරාජය කර වසර 05ක් ගතවන මොහොතේ දී  ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක් මෙලෙස ත‍්‍රස්තවාදීන් සැමරීම කනගාටුදායක වන බවයි.

    එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් අතින් සිදු වූ ජීවිත හානි අතිවිශාලයි. එසේම එම ත‍්‍රස්තවාදීන් කුඩා දරුවන් බලහත්කාරයෙන් ළමා සොල්දාදුවන් ලෙස යුද්ධයකට එක්කර ගත් බව පෙන්වා දී ඇති ඩොන් රැන්ඩල් මන්තී‍්‍රවරයා, එල්.ටී.ටී.ඊ.ය හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ ආර්ථික, ආගමික, දේශපාලනික හා සහජීවනයට විශාල බලපෑමක් එල්ල වූ බව ද සඳහන් කර ඇත.

    දශක තුනකට අධික කාලසීමාවක දී එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් විසින් එක් ජනාධිපතිවරයෙක්, කැබිනට් අමාත්‍යවරුන් 07ක්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු 37ක්, එක් ජනාධිපති අපේක්ෂකයෙක්, දේශපාලන පක්ෂ නායකයන් 10ක්, ශී‍්‍ර ලංකාවේ හිටපු විදේශ කටයුතු ඇමති ලක්ෂ්මන් කදිරගාමර්, ඉන්දිය අගමැති රජිව් ගාන්ධි වැනි නායකයන් ඝාතනය කරනු ලැබූ බව ද මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

    ලක්ෂ 03ක් වූ අහිංසක දමිළ වැසියන්ව එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තයින් මිනිස් පලිහක් ලෙස භාවිත කළහ. 12,000කට අධික සිවිල් වැසියන් පිරිසක්ව ඝාතනය කර ඇත. ඉන්දීය සාම සාධක හමුදාවේ සෙබළුන් 1,200ක් ඝාතනය කර ඇති එල්.ටී.ටී.ඊ.ය තවත් සෙබළුන් 2,500ක් අබාධිත තත්ත්වයට පත් කර ඇත.

    මන්තී‍්‍ර ඩොන් රැන්ඩල් තවදුරටත් පවසා ඇත්තේ ත‍්‍රස්තවාදීන් 27,000ක් පමණ ශී‍්‍ර ලාංකික ආරක්ෂක අංශ සෙබළුන්ව ඝාතනය කර තවත් සෙබළුන් 87,000ක් පමණ ආබාධිත තත්ත්වයට පත් කර ඇති බවයි. මීට අමතරව 1990 වසරේ දී යටත් වුණු පොලිස් නිලධාරීන් 600 දෙනෙකු ම්ලේච්ඡ අන්දමින් එල්.ටී.ටී.ඊ.ය ඝාතනය කළ අන්දම සිහිපත් කර ඇත.

    අයි.එස්.අයි. ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් පිළිබඳ ව බරපතළ ලෙස කතා කරන සමයක එල්.ටී.ටී.ඊ.යට පක්ෂ ව කටයුතු කිරීම බරපතළ බේදජනක තත්ත්වයක් බව ද පැහැදිලි කළ ඩොන් රැන්ඩල් මන්තී‍්‍රවරයා පවසා ඇත්තේ සෙනෙට් සභික ලී රියානන් මන්තී‍්‍රවරිය සිය කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ගත යුතු බවයි.

    ශ‍්‍රී ලාංකිකයන් දශක 03කට අධික කාලයක් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී නායකයා හේතුවෙන් දුක්විඳි බවත් මේ වන විට ලාංකික ජනතාව සාමය භුක්ති විඳිමින් සිටින බවත් මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පවසා ඇත.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya