මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාරතීය ජනතා පක්ෂය ජනපතිට එල්ල වූ විරෝධතා හෙළා දකී

    දෙසැම්බර් 12, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මුණ ගැසෙන්නේ නැතුව දමිළ ගැටලුවට විසඳුමක් ඉල්ලීම, වෛද්‍යවරයා නොමැතිව බෙහෙත් ඉල්ලනවා වැන්නට සමාන බව භාරතීය ජනතා පක්ෂ නායක එල්. ගනේෂන් මහතා පවසයි.


    ඔහු ඒ බව පවසා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගියදා ඉන්දියාවට පැමිණීම පිළිබඳ විරෝධතා දැක්වූ පිරිස ගැන සඳහන් කරමිනි.

    මේ වන විට ඉන්දීය මධ්‍යම රජය හා ශී‍්‍ර ලංකා රජය ධීවර ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදීමට පදනම සකස් කරමින් සිටිනා බව ගනේෂන් මහතා කියා සිටියි.

    එසේම ධීවර ගැටලුවට තිරසාර විසඳුමක් නොලැබේ යැයි කියන තමිල්නාඩුවේ දේශපාලඥයන්ගේ සහ මිනිසුන්ගේ කටවල් වැසෙනු ඇතැයි ද ඒ මහතා අවධාරණය කරයි.

    මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තිරුපති වන්දනාව නැවැත්වීමට ඉන්දීය දේශපාලඥයන් රජයෙන් ඉල්ලා තිබුණි. කෙනෙක් තමාගේ පෞද්ගලික විශ්වාසය මත ආගමික වතාවත්වල නිරතවීමට ඉඩ නොදීම බරපතළ වැරැද්දක් ලෙස තමා දකින බව ගනේෂන් මහතා කියා සිටියි.

    රාජපක්ෂ මැතිතුමාගේ තිරුපති වන්දනාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පවා පහරදීම් සිදු ව ඇති අතර එවැනි කි‍්‍රයා තමා හෙළා දකින බවත් එය නිදහස් මාධ්‍යයට එල්ල ‍කළ බරපතළ තර්ජනයක් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya