මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ගැටලු ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරයට ඉන්දියාවේ ප්‍රසාදය පළ කරනවා

    දෙසැම්බර් 12, 2014

    ධීවර ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිබඳ ව ඉන්දියාව ප්‍රසාදය පළ කරන බව එරට පාර්ලිමේන්තුවේ මෙම මස 09 වන දින පැවති විවාදයක දී විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කර ඇත. 


    සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ සාමාජිකයන් විසින් ඉන්දු - ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර ඇත. ඊට පිළිතුරු දුන් විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය කියා සිටියේ වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමේ ප්‍රතිපත්තිය වෙනසකට භාජනය වී ඇති බවයි. 

    මරණ දඬුවමට ලක්ව ඉන්දීය ධීවරයන් නිදහස් කර ගැනීමට හැකිවූයේ ද ඉන්දීය නව රජයේ ක්‍රියාමාර්ග හේතුවෙනි. නරේන්ද්‍ර මෝදි මහතා බලයට පත්වීමෙන් අනතුරුව ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමට හැකි වී ඇතැයි ද සුෂ්මා ස්වරාජ් මහත්මිය කියා සිටියාය. ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු නොකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇය සඳහන් කළාය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya