මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් නිලධාරින්ගේ සතිමත්භාවය වර්ධනය කිරිමේ වැඩසටහනක්

    මැයි 06, 2024

     

    පොලිස් නිලධාරින්ගේ සතිමත්භාවය වර්ධනය කිරීමේ  අරමුණින් දිප ව්‍යාප්ත වැඩ සටහන් ගණනාවක් පැවැත්විමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ප්‍රජා පොලිස් කෝට්ඨාශයේ සම්බන්ධීකරණයෙන් පොලිස් නිලධාරින්ගේ සතිමත්භාවය වර්ධනය කිරිමේ වැඩසටහනක් ඊයේ ආරම්භ කෙරිණි. 

     මෙහි සමාරම්භක වැඩසටහන, අතිපුජ්‍ය උඩඊරියගම ධම්මජිව ස්වාමින් වහන්සේ ඇතුළු තවත් ස්වාමින් වහන්සේලා සිව්නමකගේ හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර පොලිස් විද්‍යලයේ දි, පුහුණුව ලබමින් සිටින ආධුනික පොලිස් නිලධාරින් හා එම කාර්ය මණ්ඩලයේ දහසකට ආසන්න නිලධාරින් පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

    එහි දි පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සභාව අමතමින් පැවසුවේ,මෙම වැඩසටහන් මාලාව හරහා පොලිස් නිලධාරින්ගේ මානසික පීඩනය හා විවිධ ගැටලුකාරි තත්ත්වයන් ඇති නොවන ආකාරයට කටයුතු කිරිමට හැකිවන බවයි.එසේම මෙම වැඩසටහන ඉදිරියේ දි ප්‍රජා පොලිස් කොට්ඨාශය සමඟ සම්බන්ධ වි සියලුම පොලිස් කොට්ඨාශවලට ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya