මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මැතිවරණවලදී අනන්‍යතාව සනාථ කිරීම පිළිබඳ මහජන දැනුවත් කිරීමේ සතියක්

    නොවැම්බර් 12, 2014
    ජාතික මැතිවරණවලදී ස්වකීය අනන්‍යතාව සනාථ කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ සතිය නොවැම්බර් 10  සිට 16දා දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ දී ක්‍රියාත්මක කෙරේ.
     
    මැතිවරණ දෙපාර්තමේන්තුව සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන මහජනතාව දැනුවත් කිරීමේ සතියට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ කැෆේ සංවිධානය මගින් ජංගම සේවාවන් ගණනාවක් සංවිධානය කොට ඇත.  
     
    ඒ අනුව ඊයේ (11) ඌව පරණගම, අද (12) හාලි ඇළ,  හෙට (13) හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී ජංගම සේවාවන් පැවැත්වේ.
     
    2014 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ඉදිරියේ දී පැවැත්වෙන කුමන හෝ ජාතික මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයන් ලක්ෂ 4කට ඉදිරි මාස දෙකක කාලය තුළ හැඳුනුම්පත් ලබාදිය යුතුව ඇත.  මැතිවරණ දෙපාර්තමේන්තුවේ දී නොවැම්බර් 10 දින පුද්ගලයන් ලියාපදිංචි  කිරීමේ කොමසාරිස් සහ මැතිවරණ නිරීක්ෂකයන් පැවැත්වූ සාකච්ඡාවේ තීරණය වූවේ මේ සඳහා දිවයින පුරා ජංගම සේවාවන් පැවැත්වීමටය.  
     
    බදුල්ල දිස්ත්‍රික්කයේ අදියර තුනකින් ජාතික හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ.  මේ වන විටත් බදුල්ල දිස්ත්‍රික්යේ  9800 දෙනෙකුට හැඳුනුම්පත් ලබාදීමට කැෆේ සංවිධානය හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
     
    එම ජංගම සේවාවල දී හැඳුනුම්පත් ලබාදීම සඳහා මුද්දර ගාස්තු, ඡායාරූප සඳහා යන වියදම් සහ උප්පැන්න සහතික ලබාදීම සඳහා යන වියදම් ද කැෆේ සංවිධානය විසින් දරනු ලබන බව කැෆේ සංවිධානය පවසයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya