මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීමට පියවර

    මැයි 02, 2024

    ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා අද (2024.05.02) කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී 2024 මාර්තු මාසයේදී අග්‍රාමාත්‍යවරයාගේ චීන නිල සංචාරය අතරතුර දී දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ය.


    අවබෝධතා ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍රත්වයේ සහ ආර්ථික සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරනු ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසී ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ගිවිසුම්වලට අත්සන් තැබූ අතර චීනය වෙනුවෙන් අමාත්‍යාංශ නවයක ලේකම්වරු අත්සන් තැබූ හ. අග්‍රාමාත්‍යවරයා සහ චීන අග්‍රාමාත්‍ය ලි චියැන්ග් (Li Qiang) ඉදිරියේ ඊට අත්සන් තැබිණි.
    තානාපති චි ෂෙන්හොන්ග් (Qi Zhenhong) සමඟ පැවති සාකච්ඡාවල දී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අවබෝධතා ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අමතර ව, ආර්ථික ගැටළු සඳහා දිගුකාලීන විසඳුම් වශයෙන් චීනයෙන් සෘජු පෞද්ගලික ආයෝජන මෙන් ම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජන සඳහා ද ශ්‍රී ලංකාව චීනයට ඇරයුම් කරන බව යි.
    දුෂ්කරතා මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාව දක්වන ශක්තිය පිළිබඳ සතුටු වන බව තානාපති චි ෂෙන්හොන්ග් (Qi zhenhong) මහතා මෙහිදී පැවසූ අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රයත්නයන් සපුරාලීම සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට සහතික විය.
    අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා සහ චීන ආර්ථික උපදේශකවරයා ද මෙම හමුවට එක් ව සිටිය හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya