මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය පාලම් ගොඩනැගීමේ දෙවැනි අදියර 18දා ඇරඹේ

    නොවැම්බර් 12, 2014
    දිවයින පුරා ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් 1,210ක් ගොඩනැංවීමේ වැඩසටහනෙහි දෙවැනි අදියර 18දා පෙරවරු 10.40ට යෙදෙන සුබ මොහොතින් ඇරඹේ.
     
    දෙවන අදියර යටතේ ග්‍රාමීය පාලම් 1,000ක් ගොඩනැගීමට නියමිතය. ඉංජිනේරුමය නව තාක්ෂණ ක්‍රමවේදයන් යටතේ ඉදි වී ඇත්තේ මාස 3කිනි. ග්‍රාමීය පාලම් 1,210 වැඩසටහනේ ප්‍රථම අදියර යටතේ ඉදිවන පාලම් 210ක වැඩ කටයුතු දැනටමත් මුළුමනින් ම අවසන් වී ඇත. 
     
    ගම ප්‍රබෝධමත් කිරීමට සැඟවුණු සම්පත්වලට නව පණක් දීමට ජනතාව කෙරෙහි නොපෙනී, නොඇසී, නොදැනී, අක්‍රීය ව පවතින ශක්තිය උළුප්පා ඒකරාශිකර ඵලදායි 
    මාර්ගයක් කරා යොමු කිරීමට මෙම ග්‍රාමීය පාලම් මගින් ඉටුවන්නේ සුවිසල් මෙහෙවරකි.
     
    මෙම යකඩ පාලම් මැදට කණු සිටුවීමකින් තොර ව ඉදි කෙරේ. ඕනෑ ම කාලගුණික වෙනස්වීම් හේතුවෙන් ගංවතුර වැනි තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි සවි ශක්තියෙන් අනූනය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya