මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොස්ලන්ද අවතැන් වූවන් සඳහා පොලොන්නරුවෙන් ආධාර

    නොවැම්බර් 12, 2014
    කොස්ලන්ද, මීරියබැද්ද වත්තේ සිදු වූ නායයාම හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව සඳහා පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය මඟින් රුපියල් ලක්‍ෂ 10ක් පමණ වටිනා වියළි ආහාර හා ඇඳුම් ඇතුළු ආධාර තොගයක් පසුගියදා පරිත්‍යාග කෙරිණි.
     
    පොලොන්නරුව සිට බදුල්ලට රැගෙන ආ මෙම ආධාර තොගය පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා සහ අතිරේක දිස්ත‍්‍රික් ලේකම් පබාසීලී ජයලත් මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා වෙත බදුල්ල කච්චේරි පරිශ‍්‍රයේ දී භාරදෙනු ලැබූහ.
     
    පොලොන්නරුව නගරයේ ව්‍යාපාරික ප‍්‍රජාව හා ප‍්‍රදේශීය ලේකම්වරුන්ගේ ද සහයෝගයෙන් මෙම ආධාර ප‍්‍රදානය සිදුකෙරිණි. 
     
    DB/SH_dmu_badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya