මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක විද්‍යා දිනය සමරයි

    නොවැම්බර් 11, 2014

    ඊයේ (10)ට යෙදී තිබුණු ලෝක විද්‍යා දිනය නිමිත්තෙන් උත්සවයක් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

     

    ජාතික විද්‍යා දිනය අන්තර්ජාතිකව සැමරීම සිදු කරන්නේ නොවැම්බර් 10 වනදින වුවත් සාම්ප්‍රදායිකව ජාතික විද්‍යා දිනය සැමරීමෙන් ඔබ්බට ගොස් විවිධ වැඩසටහන් සමඟින් ජාතික විද්‍යා සතියක් ප්‍රකාශයට පත්කොට ජාතික විද්‍යා දිනය සැමරීමට කටයුතු කළ බවත් පාසල් දරුවන්ට පමණක් සීමා නොවී මුළු මහත් ජාතියේම ඉදිරි අනාගතයේදී වැදගත් ම සතිය බවට මෙම ජාතික විද්‍යා සතිය අප පත්කර ගත යුතු බවටත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එහිදී ප්‍රකාශ කළේය.

     

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා,

     

    ඉදිරි දශකය අප සියලු දෙනාටම ඉතාමත් තීරණාත්මක වන අතර අප රට සමාජ හා ආර්ථීක වශයෙන් ඉදිරියට යනවාද, පසුපසට යනවාද යන්න තීරණය වනුයේ මේ දශකයේදී අපි විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයට මුල් තැන දීම හා පසු තැනක් දීම යන මතය මුල් කරගනිමිනි. 21 වන සියවසේ අපේ නවෝත්පාදන යුගයේ එනම් කාර්මික විප්ලවයේ තුන්වන යුගයේ ජීවත්වන්නන්ගේ නව නිෂ්පාදන ඉදිරියට ගෙනයාම අපේ වගකීමකි.

    මෙවර ජාතික විද්‍යා දිනයට පාසල් දරුවන් වෙනුවෙන් දැනුම ප්‍රවර්ධනය සඳහා අභ්‍යවකාශ තාක්ෂණය තෝරාගෙන තිබේ. අපේ දරුවන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ පන්තිවලදි ඉගෙන ගන්නේ 18, 19 වන සියවස්වල හා 20 වන සියවසේ මුල්භාගයේ භෞතික විද්‍යාවේ හා වෙනත් විද්‍යාවල ජනප්‍රිය වූ සංකල්පයන්ය. නමුත් මෙම 21 වන සියවසේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ලෝකය දැන් සිටින්නේ කුමන ස්ථානයකද? ශ්‍රී ලංකාව සිටිනේ කුමන ස්ථානයකද? යන්න අපේ දූ දරුවන් අවබෝධ කරගත යුතුයි. ලෝකය ඉදිරියට යමින් තිඛෙන්නේ තාක්ෂණික වශයෙන් අපට එදිනෙදා ජීවිතයට වැදගත්වන තාක්ෂණයන් සමඟ වන අතර ‍සෛද්ධාන්තික ලෝකයේ පැවතුණු අභ්‍යවකාශ තාක්ෂණයේ ප්‍රායෝගික ප්‍රතිඵල එදිනෙදා ජීවිතයට වැදගත් වන්නේ කෙසේද යන්න පිළිබඳව අප අවබෝධකොට ගත යුතුය.

     

    ආසියාතික ජාතීන් ලෙස සියවස් ගණනාවකට පෙර අපේ රටවල් ඉතාමත් වැදගත්, දියුණු රටවල් ලෙස පැවතිණි. අවුරුදු දොළොස් දහසකට පෙර යුරෝපයේ ගල් යුගයක් එනම්, මස් වැද්දන්ගේ යුගයක් පවතින කාලයේ අපි ධාන්‍ය වගා කළ ජාතියකි. අතීතයේ නාවික කර්මාන්තය තුළින් අපට කෘෂිකර්මයටත් වඩා ප්‍රබල වාණිජ ආර්ථීකයක් පැවති අතර අතීතයේ පැවති මෙම බලය අනාගතයට රැගෙන යාමට විශේෂ කාලයක් දැන් අපට පැමිණ තිඛෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අද ගොඩනැගී තිඛෙන තොරතුරු තාක්ෂණයේ දියුණුව, සයිබර් අවකාශය නැතහොත් අතාත්වික ලෝකය සමඟ ලොවපුරා නව නිපැයුම් වානිජකරණයට, දැනුම එක්රැස් කිරීමට අප සැමට කාලය උදාවී තිබේ. අනාගතයේදී යථාර්ථවාදී ලෝකයත් අධි යථාර්ථවාදී ලෝකයත් දෙකම එකට එකතු වී ගමන් කරන යුගයක් අපේ දූ දරුවන් ඉදිරියේ නිර්මාණය වී තිබේ.

     

    පසුගිය දශක කිහිපය තුළ අපි නොයෙක් ක්‍රමවලින් දියුණුව ළඟා කරගැනීමට උත්සාහ කළෙමු. කාර්යක්ෂමතාව ඉහළ නංවමින් අනෙක් අය සමඟ තරගකාරීත්වයෙන් ඉදිරියට යෑමට අප උත්සාහ කොට තිබේ. ඒ ක්‍රම අද එක්තරා සීමාවකට ගොස් නතර වී තිඛෙන අතර දැන් අපට ඉතුරු වී තිඛෙන්නේ නවෝත්පාදනයේ මඟ පමණි. ආර්ථීක හා තාක්ෂණ උපාය මාර්ග දෙසින් බැලුවද, රට ඉදිරියේ තිඛෙන්නේ නවෝත්පාදනයේ උපාය මාර්ගය පමණි. මේ රටේ අනාගත ප්‍රශ්න, ආර්ථීක ගැටලු, රටේ ජනතාවගේ ආදායම ඉහළ යැවීමේ ප්‍රශ්න, අපේ දූ දරුවන්ට රැකියා ලබාගැනීමේ ප්‍රශ්න, ආදායම් පරතරය සීමා කරගැනීමේ ගැටලු ආදියට තිඛෙන එකම විසඳුම නවෝත්පාදනයයි.

     

    අද වනවිට පාරිසරික ගැටලු ද උග්‍ර වෙමින් තිබේ. එක් තැනක නියඟය පවතින විට තව තැනක ගංවතුරය. නොයෙක් ලෙඩරෝග සීග්‍රයෙන් පැතිර ගොස් තිබේ. පරිසරයත් සමඟ අපට හරිත තාක්ෂණය අත්‍යාවශ්‍ය වී තිඛෙන අතර තිරසර සංවර්ධනයක් සඳහා එය ඉවහල් වනු ඇත. හරිත තාක්ෂණය සඳහා නවෝත්පාදනය ප්‍රධානම මූලධර්මය සේ ම හරිත තාක්ෂණය ඉදිරියට ගෙන යෑමට හා ගහකොළවලින් නිල්ල පිරුණු රටක් සමබර පරිසරයක් ගොඩනැගීමට මෙමගින් හැකියාව ලැබේ.

     

    කුමන අරුතින් බැලුවද අපට අනාගතයක් ගොඩනැගිය හැකි වන්නේ නවෝත්පාදනය හා දැනුම පදනම් කරගත් ආර්ථීකයක් තුළින් පමණි . මේ මහපොළොව මත නවෝත්පාදන යුගයක්, නවීකරණයේ යුගයක්, මේ රටට වැදගත් සමාජ, ආර්ථීක හා දේශපාලන යුගයක් නැවත නිර්මාණය කරගන්නට, පුනර්ජීවනයේ යුගයක් පුනරාගමනය කරන්නට සැවොම එක්වී කටයුතු කළ යුතුයි. ඒ සඳහා අපේ අනාගත දැනුම් ආර්ථීකයේ පදනම ඔබ බවත්, මේ ලොව ජය ගැනීමේ අභියෝගය තිබෙන්නේ ඔබ සතුව බවද අමාත්‍යවරයා සමස්ත ජාතියේ දුවා දරුවන්ට වැඩි දුරටත් අවධාරණය කොට සිටියේය.

     

    SDF

    Science day1

     

    Science day3

     

    Science day4

     

    Science day2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya