අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු ම පාසල් සහ විද්‍යාපීඨවල ගොවිපොළ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා

    නොවැම්බර් 11, 2014

    දිවි නැඟුම වැඩසටහනට සමගාමීව දිවයිනේ සියලු ම පාසල්වල සහ විද්‍යාපීඨ 18හි කෘෂිකාර්මික ගොවිපොළ බැගින් ස්ථාපිත කිරීමට කටයුතු සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    ගොවිජන සේවා මධ්‍යස්ථාන ආදර්ශ මධ්‍යස්ථාන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ඉදිකරන ලද හෝමාගම ගොවිජන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කළ අතර එහිදී අමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

    දරුවන්ට වඩාත් හොඳ හෙටක් ගොඩනැගීම වෙනුවෙන් ලංකා ඉතිහාසයේ පළමු වරට තාක්ෂණවේදී විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය යටතේ කෘෂිකර්මය, පසු අස්වනු තාක්ෂණය, ගොවිපොළ කළමනාකරණය පාසල් 251ක ආරම්භ කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යතුමා මේ සඳහා වෘත්ති පුහුණු ආයතනයේ දායකත්වය ද ලැබී තිබෙන අතර කෘෂිකර්ම නිලධාරීන්ට ද ප්‍රතිපත්තිමය එකඟතාවක් මත ඒ සඳහා එක් වී කටයුතු කළ හැකි බව සඳහන් කළේය.

    වක්කඩෙන් අත සෝදාගෙන ඡන්ද නාමයෝජනා පත්‍රයට අත්සන් කර දුක්විඳින ගොවි ජනතාව හා ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් කටයුතු කළ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා කොළඹ නගරයේ පාසලකට සමාන එක් පාසලක් එතුමා ජීවත් වූ පළාත වන දකුණු පළාතට ලබාදෙන ලෙස 1947දී  රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ හඬක් නැගූ බව හැන්සාඩ් වාර්තාවේ සඳහන් වන බව ද අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya