මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තහනම් උත්තේජක භාවිතය පිළිබඳ වැඩමුළුවක් මාතර දී

    නොවැම්බර් 11, 2014
    තහනම් උත්තේජක භාවිතය පිළිබඳ ව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (10) මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    විවිධ ක‍්‍රීඩා ඉසව් සඳහා ඉදිරිපත් වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තහනම් උත්තේජක පිළිබඳ ව පවතින නොදැනුවත් භාවය අවම කිරීමේ අරමුණින් සහ ඔවුන් ඒවායින් වළක්වා ගැනීමේ අරමුණින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලද බව දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී ආර්.එම්.ඩී.ඒ. සෙනරත් මහතා පැවසී ය.
     
    ශ‍්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික‍්‍රම මහතා විසින් මෙම වැඩමුළුවේ සම්පත් දායකත්වය සපයන ලදි.
     
    මේ අවස්ථාවට ක‍්‍රීඩා නිලධාරීන්, ක‍්‍රීඩා සංගම්වල නියෝජිතයන්, ක‍්‍රීඩා පුහුණුකරුවන්, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්, ක‍්‍රීඩාභාර පාසල් ගුරු මහත්ම මහත්මීන් සහ පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
     
    DB/TI dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya