මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉසිපතන විද්‍යාලයේ පිහිනුම් තටාකයට මුල්ගල් තැබේ

    නොවැම්බර් 11, 2014
    කොළඹ ඉසිපතන විද්‍යාලයේ නව පිහිනුම් තටාකය සඳහා මුල් ගල් තැබීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) සිදුවිය.
     
    1952 වසරේ දී ග්‍රීන්ලන්ඩ් විදුහල ලෙස ආරම්භ කළ මෙම විද්‍යාලය පසුව ඉසිපතන විද්‍යාලය ලෙස නම් කර තිබේ. මේ වන විට සිසුන් 5000 ක් පමණ මෙම විද්‍යාලයේ අධ්‍යපනය ලබන අතර ගුරුවරු 240ක් පමණ සේවය කරති. අධ්‍යාපනය මෙන් ම ක්‍රීඩා කෞශල්‍යයෙන් දක්ෂතා දක්වන ඉසිපතන විද්‍යාලීය සිසු දරුවන් සඳහා අවශ්‍ය පිහිනුම් තටාකයක අවශ්‍යතාව යථාර්තයක් කිරීමට ඉසිපතන විද්‍යාලීය ආදි සිසුන් හා දෙමව්පියන් ඉදිරිපත්වීම තුළ හැකි විය. 
     
    මේ සඳහා රුපියල් මිලියන 50ක් පමණ වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති අතර අද පැවැති උත්සවයේ දී ආදි සිසුන් හා දෙමව්පියන් අදාළ අරමුදලට මුදල් ප්‍රදානය කිරීම ද සිදුවිය.
     
    අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද ඉසිපතන විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර 1956 වසරේ සිට 1962 වසර දක්වා එම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබේ.
     
    මෙහිදි ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ඒ.එම්.ඒ.සී. පෙරේරා මහතා විසින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ගෞරවනීය සාමාජිකත්වය පිරිනැමීම ද සිදුවිය.
     
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල, කොළඹ නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.
     
    DB
     
    DSC 0179
     
     
    DSC 0245

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya