මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය රජයෙන් ආපදා ආධාර

    නොවැම්බර් 11, 2014
    මීරියබැද්ද නාය යාමෙන් අනතුරු ව ඉදිරියට මෙවන් ආපදාවකදී ප‍්‍රයෝජනයට ගැනීම උදෙසා ඉන්දියන් රජය මගින් පරිත්‍යාග කරන ලද රුපියල් ලක්‍ෂ 50කට අධික ආධාර තොගයක් මහනුවර ඉන්දියානු මහ කොමසාරිස් ඒ. නටරාජන් මහතා විසින් ඊයේ (10) ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා සහ ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා වෙත භාරදෙන ලදී.
     
    ට‍්‍රැක්ටර් එන්ජින් එකක්, අධිබල විදුලි උත්පාදක යන්ත‍්‍රයක්, අඩුබල විදුලි උත්පාදක යන්ත‍්‍ර තුනක්, වතුර පොම්ප පහක්, කියත් පහක්, විශාල ප‍්‍රමාණයේ සාස්පාන් ඇතුළු ද්‍රව්‍ය රැසක් මෙම ආධාර තොගයට ඇතුළත් විය.
     
    ඌව පළාත් මාර්ග අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන්, ඌව පළාත් ප‍්‍රධාන ලේකම් පී.බී. අමරසේකර, ඌව ආණ්ඩුකාරවර ලේකම් එච්.එම්. සෝමතිලක, බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB/SH - dmu badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya