මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය මැණික් පතල් කර්මාන්තකරුවන් සුරැකීමට කඩිනම් පියවර

    නොවැම්බර් 11, 2014

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉල්ලීම පරිදි ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් දිවයිනේ හඳුනාගෙන ඇති මැණික් ඉඩම් සහිත ප්‍රදේශවල වෙනත් කිසිදු ඛනිජ ද්‍රව්‍යයන් ගවේෂණය කිරීම සඳහා භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය මඟින් බලපත්‍ර නිකුත් නොකිරීමට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත.

    දැනටමත් එවැනි ගවේෂණ හෝ කැණීම් බලපත්‍ර මැණික් ඉඩම් ප්‍රදේශවලට නිකුත් කර ඇත්නම් එවැනි බලපත්‍ර වහා ම අත්හිටුවා පරීක්ෂණයක් පැවැත්වීමටත් අමාත්‍යංශය තීරණය කර ඇත.

     

    විශේෂයෙන් විදේශ ආයෝජන සමාගම්වලට කිසිදු හේතුවක් මත මැණික් ඉඩම් ප්‍රදේශවල ඛනිජ ද්‍රව්‍ය ගවේෂණය කිරීම සඳහා බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ද උපදෙස් දී තිබේ. මේ සම්බන්ධව ආයෝජන මණ්ඩලයට ද දැනුම් දී ඇති අතර එවැනි සමාගම් ලියාපදිංචි නොකරන ලෙසටද උපදෙස් සපයා ඇත.

     

    දේශීය මැණික් කර්මාන්තයට සම්බන්ධ සංගමය විසින් මේ පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පසු එම තීරණය ගත් බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya