මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘යාල්දේවි‘ ගෙන් දින 13කදී ලක්ෂ 75ක ආදායමක්

    ඔක්තෝබර් 28, 2014

    යාපනයට දුම්රිය ධාවනය ඇරඹීමත් සමඟ දිනකට ලක්ෂ 7ක ආදායමක් යාපනය දුම්රිය ස්ථානයට ලැබෙන බවත් උතුරු දුම්රිය ධාවනය ඇරඹී ගෙවුණු දින 13 තුළ ලක්ෂ 75ක ආදායමක් ලැබුණු බවත් යාපනය දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්) කේ. රාජනායගම් මහතා කියා සිටියේය.

     

    මේ දිනවල විශාල ජනතාවක් යාපනය දුම්රිය ස්ථානය හා දුම්රිය නැරඹීමට පැමිණෙන බවත් විශේෂයෙන් පාසල් දරුවන් හා පවුලේ වැඩිහිටියන් සිය දරුවන් රැගෙන පැමිණෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    දුම්රිය ස්ථානය නැරඹීමට පැමිණි විට විශේෂයෙන් දුම්රියට නැගීමේදී හා බැසීමේදී ද දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී ද අනතුරු සිදු වීම වළක්වා ගැනීමට සැලකිලිමත් වන ලෙස රාජනායගම් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

     

    SDF

    Jaffna railway station1Jaffna railway station2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya