මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරට තවත් දුම්රිය ගමන් වාර අවශ්‍යයි

    ඔක්තෝබර් 28, 2014

    කොළඹ සිට යාපනය දක්වා ධාවනය කෙරෙන දිනපතා දුම්රිය ගමන් වාර මගීන්ට ප්‍රමාණවත් නොවන බැවින් තවත් දුම්රිය ගමන් වාර කිහිපයක් අත්‍යවශ්‍ය බව යාපනය දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්) කේ. රාජනායගම් මහතා ප්‍රකාශ කර ඇත.

     

    මේ වන විට කොළඹ සිට දිනපතා දුම්රිය 4ක්- යාල් දේවී, දැයට කිරුළ, අධි සුඛෝපභෝගී දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය- යාපනයට ධාවනය කෙරෙන අතර එම සේවාවල දුම්රිය ආසන සියල්ල ම පෙර සිට ම වෙන් කෙරෙන බවත් තවත් මගීන් අතිරික්තයක් ආසන නොමැති ව අපහසුතාවට ලක් වෙන බවත් ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

     

    පසුගිය ඉරිදා (26) සිට එළඹෙන බ්‍රහස්පතින්දා (ඔක්. 30) දක්වා වූ දුම්රිය සේවාවල ආසන සියල්ල ම මේ වන විටත් ‍වෙන්කර අවසන් බව රාජනායගම් මහතා පැවසීය.

     

    මෙම තදබදය සඳහා කඩිනම් විසඳුමක් ලෙස කොළඹ සිට යාපනය දක්වා වැඩි දුම්රිය ගමන් වාර ප්‍රමාණයක් ලබා දෙන්නේ නම් එය මගීන්ට විශාල පහසුවක් වනු ඇතැයි ද ඔහු මෙම අවස්ථාවේදී අවධාරණය කෙරීය.

     

    දින 45කට පෙර සිට ම උතුරු දුම්රියේ ආසන වෙන් කිරීමේ හැකියාව ඇති අතර සාමාන්‍ය ජනතාවට මෙන් ම දෙස් විදෙස් සංචාරකයින්ට ද ජංගම දූරකතන හා අන්තර්ජාලය හරහා ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya